spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම්වලටත් නොඑයි. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය හෙට

පුවත්

විදෙස්

මෙතෙක් සහභාගී වූ සියලු තරඟ පරාජය වී ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෙට (20) නෙදර්ලන්ත තරඟයට පෙර පැවැති පුහුණු සැසියටවත් සහභාගී වී නැතැයි ඉන්දියාවෙන් වාර්තා වේ.

තරඟයට පෙර පැවැත්වෙන පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය කර නැතැයි කණ්ඩායමේ කළමනාකාරීත්වය පවසයි.

එසේ වුව ද අද පුහුණු කිරීම් සඳහා සහභාගී වී ඇත්තේ ආබාධයක් යැයි කියමින් තරඟාවලියෙන් ඉවත් කළ නායක දසුන් ශානක, ළහිරු කුමාර, දුෂාන් හේමන්ත, කුසල් ජනිත් පෙරේරා සහ චාමික කරුණාරත්න පමණි.

දසුන් ශානක පිට පිටම දෙවැනි දිනයේත් පුහුණුවීම් සඳහා සහභාගී වූයේ ය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර මෙතෙක් තරඟ 05ක් පවත්වා ඇති අතර එම තරඟ 05ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි. ඉන් තරඟ දෙකක් ම ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරඟය.

ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ සියලු තරඟ පරාජයට පත්ව ඇති අතර නෙදර්ලන්තය අප්‍රිකාවට එරෙහිව පෙරළිකාර ජයක් ලබා ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයකින් හෙට තරඟයට පිවිසීමට නියමිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!