spot_img
spot_imgspot_img

මැණික් ආදායම ලැබුණාදැයි නොදන්නා රටක් ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි ගණනක ආදායමක් ලැබිය හැකි මැණික් අපනයනයෙන් හිමිවිය යුතු සම්පූර්ණ මුදල් රටට ලැබෙනවා දැයි ශ්‍රී ලංකා රජය නොදන්නා බව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නවලට, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් ලැබුණු පිළිතුරුවලිනි.

එහි දී ප්‍රකාශ වූයේ 2019 වර්ෂයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා මැණික් අපනයන ආදායම ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 619කට වඩා ලියි යුතු බවයි. එම මුදල ඇමෙරිකානු ඩොලර් 619,775,707කි. එසේ වුව ද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා පවසන්නේ එම මුදල ශ්‍රී ලංකාව ලැබුණාදැයි ජාතික ස්වර්ණාභරණ අධිකාරියට වාර්තා නොවන බවයි.

එසේ වුව ද 2023 වර්ෂයේ සිට රේගු නිෂ්කාශනය අනිවාර්ය කර දින 180ක් ඉක්ම වූ අපනයනකරුවන්‍ගේ අපනයන ආදායම් ඇතුළත් වාර්තා මහ බැංකුව වෙත මාසිකව යොමුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවට මෙම ඩොලර් මිලියන 619කට වැඩි මුදලක් ලැබිය යුතුව ඇත්තේ 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අපනයනය කරන ලද කැරට් 24,236,748ක මැණික් ප්‍රමාණයක් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ මැණික් හමුවුව ද වෙනත් මැණික් නිධි ඇති රටවලින් ද වාර්ෂිකව ශ්‍රී ලංකාවට මැණික් ගෙන්වා ඒවා කපා, ඔප දැමීම වැනි අගය එකතුකිරීම්වලින් පසු ප්‍රති අපනයනය කරන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. එහි දී ශ්‍රී ලංකාවට ආදායම් ලෙස ලැබෙන්නේ එම අගය වැඩිකිරීමට අදාල ගාස්තු පමණක් බවත්, එම මුදල් ගෙවීමට බලාපො‍රොත්තුවන අපනයනකරුවන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණ ඉදිරිපත් කර වාර්තාකරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

2019 වර්ෂයේ සිට 2023අගෝස්තු දක්වා අපනයනය කර ඇති මැණික් ප්‍රමාණය (කැරට්)

වර්ෂයබර (කැරට්)
20198,305,840
20202,696,897
20215,363,971
20224,884,725
2023 (අගෝස්තු දක්වා)2,985,315
එකතුව24,236,748

2019 වර්ෂයේ සිට 2023 අගොස්තු දක්වා මැණික් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර්

වර්ෂයඅපනයන ආදායම (ඇමෙරිකානු ඩොලර්)
2019103,675,253
202067,647,105
2021107,501,818
2022205,033,250
2023 අගෝස්තු දක්වා135,918,281
එකතුව619,775,707

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!