3.7 C
New York

ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට

Published:

මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 2010-2015 කාලයේ දී යාපනයේ කන්කසන්තුර ප්‍රදේශයේ, කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකළ ජනාධිපති මන්දිරය බදු දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය කර ඇත්තේ මෙම‍ ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) වෙත බදු දීමටයි.

ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ අක්කර 29ක භූමියකය. ඉන් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ. ගොඩනැගිලි රජයේ ඉඩම්වල ඉදිකර ඇති අතර ඉතිරි අක්කර 17 එම ප්‍රදේශයේ සිටි ජනතාවගෙන් පවරාගෙන ඇත. SLIIT බදු දීමට තීරණය කර ඇත්තේ ගොඩනැගිලි සහිත අක්කර 12ක භූමියයි.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාල බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img