නෙළුව-ලංකාගම මාර්ගයට සිංහරාජ වනයෙන් සාත්තුවක්

0
250

පරිසර සංවිධාන හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධතාව මැද නෙළුවේ සිට ලංකාගම දක්වා සිංහරාජය ඔස්සේ ඉදිකරන ලද මාර්ගයේ වැඩ නිමාව දින කිහියක් ගත වෙද්දී එහි ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙමම ඡායාරූප සමාජ මාධ්‍ය මගින් අප වෙත ලැබිණි. එය නම්කර ඇත්තේ “මාර්ගයට – සිංහරාජයෙන් සාත්තුවක්” යනුවෙනි.

පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයකින් පස් කඳු මාර්ගයට කඩා වැටී ඇති අතර තවත් තැන් කිහිපයකින් මාර්ගය කැඩී ගොස් ඇති බව ද පැවසේ. සිංහරාජ වනාන්තරය නිරන්තර මහ වැසි ලැබෙන ප්‍රදේශයකි. නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මේ මාර්ගය සෑම වසරකම ගංවතුරින් යටවී කැඩී යාම සාමාන්‍ය දෙයක් බව ගැමියෝ දනිති. වසර කිහිපයකට වරක් ඇතිවන මහ ගංවතුරින් මේ මාර්ගය ස්ථාන ගණනාවකින් විනාශ වන්නේ ලංකාගමට පිවිසුම් මාර්ගයක් පවා සති හෝ මාස ගණනකට අහිමි කරමිනි. සිංහරාජ පරිසරයේ ස්වභාවය එයයි.

පසුගිය දිනවල සිංහරාජ වනාන්තරයට ඇද හැළුනේ එම ප්‍රදේශයට ලැබෙන සාමාන්‍ය වැස්ස මෙන් කිහිප ගුණයක් අඩු වර්ෂාපතනයකි. අනාගත දිනක ඇතිවන මහ වැස්සකින් මේ මාර්ගය බේරාගත හැකිවේ ද යන්න සිංහරාජ මහා වනස්පතිය ද නොදන්නවා විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here