spot_img
spot_imgspot_img

මහේස්ත්‍රාත්ගේ බිරිඳට අමුතු සැළකිල්ලක් කළැයි, පොලිසියෙන් රුපියල් කෝටියක් වන්දි ඉල්ලති

පුවත්

විදෙස්

පෝළිමෙන් පිට පැන්න මහේස්ත්‍රාත් බිරිඳක් සමඟ බහින්බස් වූවා යැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන් රිමාන්ඩ් කිරීමේන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි බව පවසමින් යුවළක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ රෝගී වී සිටි තම දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා රාගම පිහිටි පුද්ගලික රෝහලක වෛද්‍යවරයා හමුවීම සඳහා පෝළිමේ රැඳී සිටිය දී කිසියම් කාන්තාවක් පැමිණ එම පෝළිමට පිටතින් ගොස් වෛද්‍යවරයාගේ සේවය ලබාගත් බවයි. මේ සම්බන්ධයෙන් ඇයට සිය විරෝධය දැක්වීමේ දී තමන් මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ බව පවසමින් බහින්බස් වූ බවත් පෙත්සම්කාර සැමියා සහ බිරිඳ පවසයි.

ඉන්පසු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තමන් අත්අඩංගුවට ගෙන රාගම පොපලිස් ස්ථානයට රැගෙන ගොස් පසු දා තමන් වැසිලසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කළ බවත් මෙමගින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්න යැයි ඉල්ලමින් අඹු සැමි යුවළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ චමින්ද කෞශල්‍ය සහ දිනූෂා රණතුංග නමැති යුවළකි. එහි වගඋත්තරකරුවන් ලෙස රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

නීතිඥ මංජුල බාලසූර්ය මගින් ඔවුන් දෙදෙනා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නැයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පක්ෂණයක් කොට වරදකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තම මූලික අයිතිවාසිකම් කඩකළ වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ද කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!