spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට ලැජ්ජාසහගත පරාජයක්

පුවත්

විදෙස්

ආසියානු කුසලාන තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු වාර්තාව තමන් සතුකරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සටනික් තොරව ම ඉන්දීය කණ්ඩායමට ආසියානු කුසලානය බාර කළේය.

ඉන්දීය ක්‍රීඩකයන් අවසන් මහා තරඟය ජජගත්තේ කඩුලු 10කිනි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (17) පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දුවට පහරදීමට තීරණය කළ ද පොද වැස්ස හේතුවෙන් තරඟය තරමක් ප්‍රමාද විය.

නමුත් ඉන්දීය පන්දුයවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිස එසවීමට කිසිම ඉඩක් ලබා නොදී සිය ආක්‍රමණය දියත් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් අඩුම දෙවැනි ලකුණු සංඛ්‍යාව ඔවුන්ට උරුම කර දෙමිනි. එය ලෝක එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ අඩුම 10 වැනි ලකුණු සංඛ්‍යාව බවට ද පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43කට දැවී ගොස් තිබිණි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත්වූයේ කුසල් මෙන්ඩිස් 17 සහ දුෂාන් හේමන්ත 13 (නොදැවී) පමණි.

ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් පන්දුවාර 07ක දී නිලකුණු ඕවරයක් සමඟින් ලකුණු 21කට කඩුලු 06ක් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා පන්දු ඕවර 2.2කට ලකුණු 03ක් ලබාදෙමින් කඩුලු 03ක් දවාගත්තේය. ජස්ප්‍රීට් බුම්රා පන්දුවාර 055ක් යවා ලකුණු 23කට කඩුලු 01ක් දවාගත්තේය.

ලකුණු 51ක ඉතාමත් පහසු ඉලක්කයක් ලබාගැනීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු තර්ජනයක් එල්ල වූයේ නැත. ඔවුන් පන්දුවාර 6.1ක දී කිසිදු ක්‍රීඩකයකු නොදැවී ලකුණු 51ක් ලබාගනිමින් කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.

ආරම්භක පිතිකරුවන් වන ඉෂාන් කිෂාන් ලකුණු 23ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 27ක් රැස්කරමින් නොදැවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!