spot_img
spot_imgspot_img

තානාපති වාහන දත්තවලින් කරපු ජාවාරමක් අනාවරණය වෙයි

පුවත්

විදෙස්

විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ අවලංගුකරන ලද වාහන අංකවලින් වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්තව ඇත.

එම ජාවාරම සිදුකර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහයෝගයෙනි.

මෙම වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 15කට අධික බදු අදාායමක් අහිමිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් තීරුබදු රහිතව නිෂ්කාශනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද ඇතැම් වාහනවලට  වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත්  කර විවිධ පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි සහතික නිකුත් කිරීමෙන් මෙම ජවාරම කර ඇතැයි විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

මෙලෙස ලියාපදිංචි කෙරුණු වාහනය 06ක් ප්‍රති අපනයනය කරන අවස්ථාවන්හිදී ලියාපදිංචිය  අවලංගු කර සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත්  කර ලියාපදිංචිය ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!