spot_img
spot_imgspot_img

සද්දෙ දැමූ ඥාණසාර, වරද පිළිගෙන මුදල් ගෙවීමට එකඟ වෙයි

පුවත්

විදෙස්

මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට වරද පිළිගත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ඇතුලු පිරිසකට පැමිණිලි පාර්ශවය වෙත රුපියල් 300,000.00 ක මුදලක් ගෙවන ලෙස අධිකරණය අද (11) නියෝග කළේය.

2014 වසරේ අප්‍රේල් මස 09 එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ කො‍ළඹ නිපෝන් හෝටලයේ දී ය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට නීතිවිරෝධී අයුරින් ඇතුලුවී සාපරාධී බලහත්කාරකමක් පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුලු චෝදනා කිහිපයක් බෞද්ධ භික්ෂුවක ලෙස පෙනී සිටින ගලබොඩඅත්තේ ඥාණසාර වෙත එල්ල වී තිබිණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ නඩුව කැදවූ අද විවෘත අධිකරණයේ දී බෞද්ධ භික්ෂූන් ලෙස පෙනී සිටි ගලබොඩඅත්තේ ඥාණසාර, විතරන්දෙණියේ නන්ද, වැලිමඩ චන්දරතන යන තිදෙනා සිය වරද පිළිගන්නා බව ප්‍රකාශ කළහ.

ඒ අනුව රුපියල් ලක්ෂ තුනක මුදලක් පැමිණිලි පාර්ශවයට ගෙවා සමථයකට පත්වීමට අධිකරණයෙන් අවස්ථාව ලබා දී තිබේ.

එම සිද්ධියට අදාල වීඩියෝව පහළින් දක්වා ඇත.

මෙහිදී පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ 3ක් ගෙවීමට ඥානසාර හිමි ඇතුළු විත්ති පාර්ශ්වයය නියෝග කෙරුණා. වරද පිළිගැනීම හේතුවෙන් අනෙක් චෝදනා කිහිපයකට අවවාද සහ මෙලෙස දඩ මුදල් නියම කර තිබෙන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

එම දිනයේ සිදුවීමට අදාළ වීඩියෝව පහතින්


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!