spot_img
spot_imgspot_img

මරියතුමියගේ ඇස්බැන්දුම, ලේ වැගිරෙන කතාව ඇත්තක් ද ?

පුවත්

විදෙස්

මරියතුමියගේ යැයි කියමින් මැටි වර්ගයකින් සෑදූ කුඩා පිළිමයක ඇස්වලින් රුධිරය වැගිරෙන බවට කියූ කතාවක් විශ්වාස කරමින් මේ වනවිට හැටන් සිරිකුරුස දේවස්ථානයට වැළ නොකැඩී ශ්‍රී ලාංකික ජනතාව රැස්වෙමින් සිටින බව වාර්තා වෙයි.

මෙවැනි මිත්‍යාවන් කිසිදු විචාර බුද්ධියකින් තොරව විශ්වාස කිරීමට ශ්‍රී ලාංකික ජනතාව පුරුදුව සිටිති. මැටියෙන් සහ ගඩොලින් තැනූ බුදු පිළිමවලින් රැස් වි‍හිදෙනවා යැයි විශ්වාස කළ ජනතාව තවත් අවස්ථාවක දී කතරගම කිරි වෙහෙරෙන් කිරි වෑස්සෙන බව ද විශ්වාස කළහ. එම ජනතාව ම කැලණි ගඟ දෙබාකරගෙන නාගයකු පැමිණ නාග ලෝකයේ සිට චීනයේ නිෂ්පාදිත කරඬුවක් ගෙන ආ බව කී විට එය ද විශ්වාස කළහ.

දැන් මේ රටේ ජනතාව මරියතුමියගේ යැයි කියන පිළිමයකින් රුධිරය වෑස්සෙන ප්‍රාතිහාර්යයක් බැලීමට යති. මෙම ස්ථානයට දැන් රජයේ මහජන මුදල් පවා වැය කරමින් පොලිස් ආරක්ෂාව ද සපයා තිබේ. තම සියලු කාර්යයන් පසෙක තබා පෝළිමේ ගොස් මැටි පිළිමයකට වැඳ වැටෙන ජනතාව එහි දී දැකබලාගත හැකිය.

ගැටලුව වන්නේ මාධ්‍යවේදීන් පවා මෙවැනි මිත්‍යාවන් කිසිදු විචාරයකින් තොරව ප්‍රචාරය කිරීමයි.

රුධිරය මෙතෙක් කෘතිමව නිපදවීමට ‍ලොව කිසිදු පරයේෂණයකින් හැකියාව ලැබී නැත. එසේ තිබිය දී මැටි පිළිමයිකින් රුධිරය පිටවීමට හැකියාවක් ද නැත.

නමුත් නවීන තාක්ෂණය අනුව කුඩා උපකරණ සහ රසායනිකයන් භාවිතා කරමින් යම් උපකරණයකින් හෝ පිළිමයකින් හෝ එවැනි රතු පැහැති දියරයක් වෑස්සෙන ආකාරයෙන් සැකසීමේ හැකියාවක් පවතී. එවැන්නක් සිදුකර ඇත්නම් එය ජනතාව රැවටීමකි.

මේ පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් කරන ලද විමසීමක දී ඔහු මෙසේ කීවේය.

“මට භෞතික සිද්ධාන්ත ගැන පැහැදිළි කරන්න බැහැ. බුදු පිළිමවලින් රැස් විහිදෙනවා කියා කියපු දේ සිදුවුණේ ආලෝක පරාවර්ථනයක් නිසා කෙනෙකු දුටු දෘෂ්ඨි මායාවක් වැනි යමක් අනිත් අයට ප්‍රකාශ කිරීම. මෙවැනි පිළිමයකටත් ඇතැම් අවස්ථාවල යම් පරාවර්තිත ආලෝකයක් ලැබීමෙන් දිලිසීමක් තවත් කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන් යම් දියරයක් වැගිරෙනවා කියා. ඇතැම් දේව පිළිම සකස් කරන අවස්ථාවේ දී ම කඳුළු වැගිරෙන ආකාරය පෙනෙන විදියට සකස් කර තිබෙනවා. මෙවැනි පිළිම සම්බන්ධයෙන් කෙනෙකුගේ ඇති අධික විශ්විසාය භක්තිය නිසා ඇතැම් අවස්ථාවල දී සැබැවින්ම නැති දේවල් මැවිලා පෙනෙන්න පුළුවන්. කෙනෙක් තමන්ට මැවිලා පේන දේ තවත් කෙනෙකුට කිව්වාම ඒ තැනැත්තාත් අධික භක්තිය නිසා ඒක විශ්වාස කරනවා. නමුත් ඇත්තටම එවැන්නක් සිදු වන්නේ නැහැ. විශ්වාසයක් මත තමයි මේක සිදුවෙන්නේ. මෙය මානසික ඇණවුමකින් සිදුවන දෙයක්.”

විශේෂඥ ‍මනෝ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි මානසික ඇණවුම් හේතුවෙන් ආශ්චර්යයන් සිදුවන්නේ යැයි විශාල පිරිසක් විශ්වාස කරන අවස්ථාවන් ශ්‍රී ලංකාවේ දී මෙන්ම විදෙස් රටවලදී ද වාර්තා වී ඇති බවයි.

2 COMMENTS

  1. මරිය ගෙ ඇස් වලින් කන්දුලු ගෙලීම බොරුවක් වංචාවක්. සෙම ආගමක්ම මෙසෙ බොරු වපුරා තම ආගම හරිය කීමට මෙසෙ බොරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!