spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරය ගැන, රනිල්ගෙන් තවත් වාර්තාවක්

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය මාධ්‍ය ආයතනයක් වන චැනල් 4 විසින් හෙළිදරව් කර ඇති තොරතුරු සහ එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන්යුතු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

එම කමිටුව පත්කිරීමට තීරණය කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පාස්කු ප්‍රහාරය එල්ලකරන ලද්දේ අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහගේ රජය පරාජයට පත්කර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි චැනල් 4 චෝදනා කරයි.

වත්මන් ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ගෙවමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු හිස්වූ ධූරකාලයේ අනුප්‍රපාප්තික ජනාධිපතිවරයා ලෙස ඉතිරි කාලයයි. රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත්කර රටේ බලය අල්ලාගැනීමට රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වූවා යැයි චැනල් 4 චෝදනා කරන්නේනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ කටයතු කරමින් සිටින්නේ එලෙස බලය අල්ලාගත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන පක්ෂ‍යේ බහුතර බලයෙනි.

කෙසේ වෙතත්,  2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ පවතින තත්ත්වයෙහි බරපතළකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදුකිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීති සම්පාදකයින්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම තුළින් නිවැරදි හා තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා මඟපෑදීම මෙම පුළුල් ක්‍රියාදාමයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සත්‍ය සෙවීම සඳහා මෙම තීරණාත්මක විමර්ශනයන් සිදුකෙරෙන අතරම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ ප්‍රධාන අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!