spot_img
spot_img

ඉන්දියා පකිස්තාන තරඟයට සිදු වූ දේ

පුවත්

විදෙස්

ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේවටයේ ඉන්දියාව සහ පකිස්තානය අතර අද (10) පැවැති තරඟය අතිරේක දිනය වන හෙට (11) දිනය දක්වා කල් තැබීමට තීරණය කෙරිණි.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද සවස 3.00ට ආරම්භ වූ තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් පකිස්තානයේ ආරාධනයෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24.1ක දී කඩුලු 02ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටිය දී එකවරම ධාරානිපාත වර්ෂාවක් කඩා වැටීමෙන් තරඟය නතර කෙරිණි. ඒ සවස 4.52ට ය.

වැස්ස අවසන්වුව ද එකවරම කඩා වැටුණු වර්ෂාව හේතුවෙන් පිටිය තෙතබරිත වී තිබූ නිසා තරඟය ආරම්භ කිරීම සඳහා යළි පිටිය සැකසීමට කාර්ය මන්ඩලයට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවිය. රාත්‍රී 8.20ට පිටිය පරීක්ෂාකළ විනිසුරුවරුන් තීරණය කළේ පන්දුවාර 34කට සීමා කරමින් තරඟය යළි රාත්‍රී 9.00ට ආරම්භ කළ හැකි බවයි.

නමුත් ඉන් සුළු වේලාවකට පසු නැවත දැඩි වර්ෂාව ආරම්භ වූයෙන් තරඟය අතිරේක දිනය වන හෙට දක්වා කල් තැබීමට තීරණය කෙරිණි.

ඒ අනුව හෙට (11) නැවත සවස 3.00ට තරඟය නැවැත්වූ තැන සිට ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!