spot_img
spot_imgspot_img

උසස් පෙළ ප්‍රතිඵල දින කිහිපයකින්, යළි විභාග කල් දාන්නේ නෑ

පුවත්

විදෙස්

ඉදිරි දින දෙක තුන ඇතුළත උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වෙනස් නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

අමාත්‍යරවයා පවසන්නේ ඉතා වෙහෙසකර ක්‍රියාදාමකින් පසු කෙටි කාලයක් තුළ උසස් පෙළ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

“ලබන වසරේ සිට විභාගය පෙර පරිදි නියමිත කාලයේ දී පවත්වනවා. තවදුරටත් පාසල් පන්තිකාරමයේ ඉගැන්වීම සඳහා ඩිප්ලෝමාධාරීන් යවන්නේ නැතිව තව අවුරුදු 4-5ක් යනවිට උපාධිධාරියකු යැවීමට අපි කටයුතු කරනවා. එමගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සංකල්ප පත්‍රිකාව සකස් කරලා අවසන්. දැනට ඇති විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කරලා ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහිකරනවා. ලබන වසරේ විද්‍යාපීඨවලා බඳවාගැනීමක් වෙන්නේ නෑ. එය විශ්වවිද්‍යාලයක්. අවුරුදු 03ක අධ්‍යයන කටයුතු වලින් පස්සේ අවුරුද්දක ගුරු පුහුණුවක් ලබාදීලා ගුරුවරු පාසල්වලට යොමුකරනවා.“

යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!