spot_img
spot_imgspot_img

ජනාධිපතිට ඉල්ලා අසවන්න යැයි උද්ඝෝෂණ

පුවත්

විදෙස්

සිරියාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන්, ජනාධිපති ‘බෂාර් අල් අසාද්’ සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව විරෝධතාකරුවෝ කියති.  ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිරියාවේ ජනතාව දැවැන්ත විරෝධතා රැළියක් ආරම්භ කර තිබේ.

සිරියාවේ ස්වෙයිදා නගරයේ දී මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. මේ සඳහා එරට වැසියන් දහස් ගණනක් සහභාගී වී තිබූ අතර එම විරෝධතාව මේ වනවිට සති දෙකක කාලයක් පැවැත්වෙයි.

මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් 57 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ එරට ජනගහණයෙන් 90%ක් දරිද්‍රතාවයට පත්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!