spot_img
spot_imgspot_img

මවක් අදහාගත නොහැකි දෙයක් කරයි. දියණියගේ නිරුවත ‌තම පෙම්වතාට යවලා

පුවත්

විදෙස්

පාසල් සිසුවියක වන තම දියණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙම්වතකුට යැවූ, එම දැරියගේ මව ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඊයේ (29) නියෝග කළේය.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයේ දී කරුණු දක්වමින් කියා සිටියේ මෙම දැරිය පාසලේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියක බවයි.

ඇගේ මව විසින්ම දැරියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැගෙන ඒවා එංගලන්තයේ සිටින පුද්ගලයකුට වට්ස් ඇප් මගින් යවා ඇතැයි ද පොලිසිය පවසයි. සැමියා මෙම කාන්තාව හැරගොස් ඇති බවත්, ඉන් පසු ඇය තවත් පුද්ගලයන් ඇසුරු කර ඇති බවත් එලෙස ඇසුරුකරන මේ දිනවල එංගලන්තයේ සිටින පුද්ගලයකුට මේවා යවා ඇති බවත් පොලිසිය අධිකරණයේ දී කියා තිබිණි.

මෙම දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට අවසර දෙන ලෙසත් දැරිය ඇගේ මිත්තණිය බාරයේ තබන ලෙසත් පොලිසිය ඉල්ලා තිබිණි.

එම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැරිය තාවකාලිකව මිත්තණියට බාර දීමට කටයුතු කළ අතර දැරිය වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දැරිය ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයක්කරමින් කියා සිටියේ මවකට කිසිසේත්ම මෙවැනි දෙයක් කළ නොහැකි බවයි. මෙ ඉතාමත් පහත් මෙන්ම ඇදහිය නොහැකි දෙයක් බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය. ‍

සැකකාර මව ලබන සැප්තැම්බර් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!