spot_img
spot_imgspot_img

“කුරුන්දි විහාරයේ වැඩ පුරාවිද්‍යාව අනුව පමණයි. පිට පළාත්වල අයට ඊට මැදිහත් වෙන්න බෑ” ජනපති කියයි

පුවත්

විදෙස්

කුරුන්දි විහාරය ආශ්‍රිත ප්‍රදේශයට කිසිදු පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බවත් පුරාවිද්‍යා ආඥාපනත අනුව ප්‍රදේශවාසීන් පමණක් සම්බන්ධ කරගෙන කටයුතු කරගෙන යන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි පර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමි හමු වූ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා ධම්මදස්සි හිමියන් හමු වී ඇත්තේ ඊයේ (29) දිනයේ දී ය.

කුරුන්දි විහාරයේ සියලු කටයුතු සොයාබැලීමට පුරාවිද්‍යා දෙපාරතමේන්තුවට පවර ඇතැයි ද සඳහන්කරන ජනාධිපතිවරයා හිමියන්ට කියා ඇත්තේ පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.

ජනාධිපතිවරයා එහි දී මෙසේ ද කියා තිබිණි.

“බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අප මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරන බව කිවයුතුයි. බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව එකඟ වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වුණා. පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා. ඒ් නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස් දී තිබෙනවා. ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදුවන කැනීම් කටයුතුවල ද වාර්තා ලබා ගනිමින් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

පැවති රජය විසින් හමුදාව යොදවා කැනීම් කටයුතු කඩිනමින් සිදු කළ බව ඔබ වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂා කර තවම තීරණයක් ලබා දී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අනුව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම එම ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප කටයුතු කරන බව ද කිවයුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!