spot_img
spot_imgspot_img

IMF සහාය අවදානමක ? කැපවිම් ඉටුකිරීම සාර්ථක නෑ

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව එකඟ වී ඇති කැපවීම් ඉටුකිරීමේ ප්‍රගතිය ඉතාමත් අවම මට්ටමක පවතින බවත් මෙය ඉදිරි ණය වාරික ලබාගැනීමේ දී ගැටලුකාරී විය හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය කරන අධ්‍යයනයක දී අනාවරණය වී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සම්බන්ධයෙන් නිරන්තර ප්‍රගතිය මැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින අතර එය “IMF මීටරය” ලෙස හඳුන්වා දී තිබේ. එහි දී ශ්‍රී ලංකාව එකඟ වී ඇති කැපකිරීම් 100කින් ඒවා ඉටුකිරීමේ ප්‍රගතිය අධ්‍යයනය කිරීම සිදුවේ.

IMF මීටරය මෙම කැපකිරීම්වල ප්‍රගතිය වර්ගීකරණය කරන්නේ ඉටුකළ, ඉටු නොකළ සහ නොදනී ‍යන කාණ්ඩ තුනකිනි.

කැපවීම්වල ප්‍රගතිය

වෙරිටේ රිසර්ච් අධ්‍යයනයට අනුව මේ දක්වා සම්පූර්ණ කර ඇත්තේ කැපකිරීම් 35%ක් පමණි. 15%ක් ඉටුකළා ද නැද්ද යන්න පිළිබඳ කිසිදු දත්තයක් සොයාගත නොහැකි තත්වයට පත්ව තිබේ. ඒ නිසා ඒවා වර්ග කර ඇත්තේ නොදනී යනුවෙනි.

වෙරිටේ රිසර්ච් පවසන්නේ 2023 මාර්තුවල එලෙස නොදන්නා කැපකිරීම් සංඛ්‍යාව 09% සිට මේ වනවිට 15%ක් දක්වා වැඩි වී ඇති බවයි. ඒවායේ ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිම දත්තයක් නොමැත.

නොදනී ලෙස වර්ග කර ඇති කැපවීම් වල කිසිදු දත්තයක් සොයාගත නොහැකි වී ඇත්තේ එම කැපවීම් ඉටුකිරීමට එකඟ වූ කාල සීමාව පසුකර තිබිය දී ය. එම තත්වය මෙම වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් රජය පවත්වාගෙන යන විනිවිද භාවය පිළිබඳ ගැටලුවක් පවතී.

තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නේ ආණ්ඩුව එම කැපවීම් ඉටු කිරීමට අපොහොසත් වීම නිසා තමන්ගේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට විය යුතුය. ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ වැදගත් පාර්ශවකරුවන ලෙස නොසළකන නිසා මෙම තොරතුරු ලබාදීමට ආණ්ඩව උනන්දුවක් නොදක්වන බව ද පෙනී යයි.

ඉලක්කය සපුරාගත හැකි ද ?

ජූලි මාසය අවසන්වන විට ශ්‍රී ලංකාව IMF කැපවීම් 57ක් ඉටුකර යුතුව තිබිණි. නමුත් ඉටුකර අත්තේ 35ක් පමණි. ජුනි මාසයේ දී කැපවීම් 33ක් ඉටුකර තිබූ අතර ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ දූෂණ විරෝධී පනත සම්මත කිරීම හේතුවෙන් එම කැපවීම් සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත. නමුත් ඒවා කිරීමට නියමිතව තිබුණේ 2023 අප්‍රේල් සහ ජුනි මාසවල දී ය. ප්‍රමාද වී හෝ ඉටුකර තිබීම සාධනීය පියවරකි.

ශ්‍රී ලංකා රජය මේ වනවිට IMF කැපවීම් ඉටුකිරීමේ සාමාන්‍ය ප්‍රමාණය මාසයකට 03කි. සැප්තැම්බර් අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සිදුකරන විට කැපවීම් 71ක් ඉටුකර තිබිය යුතුය. මෙම ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ළඟාවීමට නම් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී මාසයකට කැපවීම් 18 බැගින් සම්පූර්ණ කළ යුතය.

ඉටුනොකළ කැපවීම්

IMF කැපවීම් අතරින් ප්‍රතිපත්ති හා බැඳුණු ඕනෑම ක්‍රියාකාරකමකට අදාළව එම ක්‍රියාකාරකමේ ප්‍රගතිය සම්බන්ධයෙන් නියමිත දිනයට මාස 02කට පසු වුවත් කිසිදු තොරතුරක් ප්‍රසිද්ධ කර නැත්නම් ඒවා ඉටු නොකළ කැපවීම් ලෙස වාර්ග කර තිබේ.

ඒ අනුව, රජයට අයත් විශාලත ම බැංකු දෙක සහ පෞද්ගලික අංශයේ විශාලත ම බැංකු තුන වෙනුවෙන් අදාළ වන බැංකු සවිමත් කිරීමේ විධිවිධානයේ වත්කම් ගුණාත්මකතා සමාලෝචනය සංරචකය සම්පූර්ණ කිරීම යන අප්‍රේල් මාසයේ සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම් නොදනී සිට මේ වනවිට ඉට නොකළ කැපවීම් ලෙස වර්ගීකරණය කර තිබේ.

‍ජූලි මස අවසානය වනවිට සම්පූර්ණයෙන් කැපවීම් 07ක් “ඉටු නොකළ” කැපවීම් ලෙස වර්ගීකරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!