spot_img
spot_imgspot_img

උපන් මොහොතේ ම බිම වැටී බිළිඳකු මරුට

පුවත්

විදෙස්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී උපන් විගස බිළිඳකු බිම වැටීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

මම බිළිඳාගේ දෙමාපියන් පවසන්නේ පසුගිය 10 වැනි දා දරුවා උපතලැබූ මොහොතේ ම හෙදියන්ගේ වරදින් බිම වැටීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවයි. ඉන්පසු අද (13) උදෑසන දරුවා මියගිය බවත් දරුවාගේ මරණයට හේතුව හෙදියන් අතින් සිදුවූ වරදක් බවත් දෙමාපියෝ චොදනා කරති.

දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරිමේ වාර්තාවේ සඳහන් කර ඇත්තේ ද උපත ලැබූ මොහොතේ ම බිම වැටුණු බවයි. එමගින් දරුවාගේ හිසට බලපෑමක් සිදුව ඇති බව ද උපන් විගස දරුවා හැඬීමක් නොකළ බව ද වාර්තාවේ සඳහන්ව ඇත. කෙසේ වෙතත් දරුවා අද (13) මියයාමෙන් පසු සටහන් කර ඇත්තේ අඩු වර්ධනය සමඟ හෘදයේ තිබූ දුර්වලතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

මෙම දරුවා බිහිකළ බව අනුරාධපුර, රඹෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි, තක්ෂිලා උදයංගනී නමැති 35 හැවිරිදි කන්තාවකි. දරුවා බිහිකිරීම සඳහා කල්ලංචිය රෝහලට ඇතුළත් වූ ඇයගේ දක්නට ලැබුණු සංකූලතා හේතුවෙන් 10 වැනි දා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

මියගිය දරුවාගේ පියා කුමාරසිංහ දිසානායක මෙසේ පවසයි.

“මගේ නෝනාට ලැබුණේ පුතෙක්. දරුවා ලැබෙන අවස්ථාවේ ඇඳ පහළට කරලා. ඒ එක්කම නෝනාට බබා ඉක්මනට ම වගේ ලැබිලා තියෙනවා. දරුවා අල්ලගන්න කෙනෙක් ඉදලා නෑ. බබා වැටිලා තියෙන්නේ බිමට. ඔළුව වැදිලා. ඒ බව මේ වාට්ටුවේ අයත් කිව්වා. දරුවා බිම වැටුණු වහාම මිසී කෙනෙක් ඇවිත් බබාව වඩාගෙන දිව්වා. අම්මටවත් පුතාව පෙන්නුවේ නෑ. බබා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා කියලා කිව්වා. පස්සේ අද උදේ දැනගත්තා දරුවා මියගියා කියලා. මගේ පුතාගේ මළ සිරුරවත් දෙන්න බෑ කියනවා. ආගමික වතාවත් අපිට කරන්න අවශ්‍යයි. තවත් දරුවන් කිහිප දෙනෙනක් මියගිහින් ආගමික වතාවත් කරන්න අවස්ථාව දුන්නා. මම අසාධාරණය වෙනුවෙන් කතා කරපු නිසා මට දරුවාගේ මළසිරුර දෙන්නෙත් නෑ.”

දරුවාගේ මරණය සම්බන්ධයෙන් නිකුත් කළ මරණ සහතිකයේ දක්වා ඇත්තේ හෘදයේ තිබූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මෙම බිළිඳාගේ මරණය සිදුව ඇති බවයි.

මෙම බිළිඳු මරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත. රෝහලේ ස්ථාවර දුරකථන අංකවලට කතා කළ විට අධ්‍යක්ෂවරයා කාර්යලයෙ නැතැයි කියන අතර රජයෙන් දුරකථන බිල්පත් ගෙවනු ලබන ඔහුගේ ජංගම දුරකථන අංකය විමසූ විට එය ලබාදිය නොහැකි බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!