spot_img
spot_imgspot_img

චොකලට් ඇතුළේ තිබූ ඇඟිලි කොටස රස පරීක්ෂකට, කැන්ඩොස් සමාගම පාරිභෝගිකයන්ට ස්තූති කරයි

පුවත්

විදෙස්

මහියංගනය රෝහලේ හෙද නිලධාරිනියක් විසින් මිල දී ගත් චොකලට් එකක් ඇතුළේ තිබූ බව කියන මිනිස් ඇඟිල්ලක කොටස සහ එම චොකලට්වල ඉතිරි කොටස රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

එම නියෝගය ලබා දී ඇත්තේ මිනිස් ඇඟිල්ලක කොටසක් සමඟ හමුවූ බව පවසන චොකලට් මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැන්ඩොස් චොකලට් නිෂ්පාදනය කරනු ලබන Ceylon Chocolates Limited ආයතනය ද නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ මෙම සිද්ධිය කිසිවිටෙකත් අවතක්සේරු නොකරන බවයි.

මේ තත්වය තුළ එම සන්නාමය වෙනුවෙන් පෙනී සිට එය නොසැලී ආරක්ෂා කිරීම පිළිබඳ පාරිභෙබා්ගිකයන්ට කෘතඥ වන බවත්, එම සිදුවීම හේතුවෙන් යම් අපහසුතාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවත් එම සමාගම දන්වා සිටියි.

එමෙන් ම ඔවුන්ගේ නිෂ්පාදිතවල ගුණාත්මක බව සහ විශ්වසනීයත්වය ස්ථාවරව නොසැලී පවතින බව පාරිභෝගියන් වෙත සහතික කිරීමට ආයතනය කැප වී සිටින බව ද එම සමාගම දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!