spot_img

සරුංගලය තරුණයාට මරු කැඳවයි

පුවත්

විදෙස්

සරුංගල් යවමින් තිබිය දී පල්දෝරු පද්ධතියකට ඇද වැටුණු තරුණයකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොපලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ, බණ්ඩාරනායක පුර පදිංචි මිරිස්සගේ චලංග සාවින්ද නමැති 22 හැවිදිරි තරුණයෙකි.

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවාස 1,200ක පමණ අප ජලය බැහැර ‍කරන පල්දෝරු පද්ධතිය අක්කර 05ක පමණ විශාලත්වයකින් යුක්තය. එහි මැද ඇති කලුගල් බැම්ම මතට වී තරුණයන් තිදෙනකු සරුංගල් යවමින් සිටිය දී ඔහු පය ලිස්සා පල්දෝරු පද්ධතියට ඇද වැටුණු බව අනෙක් තරුණයන් දෙදෙනා පොලිසියට කියා තිබිණි. ඔහු වැටුණු අවස්ථාවේ දී එක් තරුණයකු දිවගොස් අවට පදිංචිකරුවන්ගේ උදව්ගෙන ඇති අතර අනෙක් තරුණයා සිය පාදයේ ආධාරයෙන් ඔහුට ගිලෙන්නට නොදී සිටි බව ද පැවසේ.

පොලිසිය පවසන්නේ අනතුරට පත් වූ තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මියගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles