දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බේල් ක්‍රමය හරහා රාජ්‍ය අංශයේ සේවාවන් ලබාගැනිමට ඉඩ සැලසිය යුතු බවට වු එකගතාවයක් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය හා දෘෂ්‍යාබාධිතයින්ගේ සංගමය අද (17) ඇතිකරගන්නා ලදි.
එහිදි අදහස් දැක්වු ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ සම කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ මෙසේ කීවේය.
“රටේ දෘෂ්‍යාබාධිත ප්‍රජාව මිලියන දෙකකට වඩා සිටිනවා. ඒ ප්‍රජාවට නිසියාකාරව තොරතුරු ලැබෙන්නේ නැහැ. ලොක්යේ දියුණු රටවල් විශේෂ අවශ්‍යතා ඇති සමාජ කණ්ඩායම් වෙනුවෙන් ලබාදිය යුතු අවශ්‍යතා ගැන සොයා බලා කටයුතු කලත් අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ. ආබාධිත ප්‍රජාව රාජ්‍ය ආයතනවලට ඇතුල්වීමට ඔවුන්ට වෙනම ප්‍රවේෂ හිමිකම ලබාගත්තේ මුලික අයිතිවාසිකම් කඩවීම ගැන නඩුවක් පවරලා. දෘෂ්‍යාබාධිත ප්‍රජාවටත් සිය අයිතිවාසිකම් දිනාගන්න නඩුපවරන්න කියලද කියන්නේ. දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බේල් ක්‍රමය මගින් රාජ්‍ය අංශයේ සේවා ලබාගැනිමේ අයිතිය ලබාදිම වෙනුවෙන් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය ඔවුන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන්න සුදානම්.”