spot_img
spot_imgspot_img

නාමල්ගේ නොගෙවූ විදුලි බිල සම්බන්ධ සියලු තොරතුරු මෙන්න

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වීරකැටිය නිවසේ පැවැත්වෙන උත්සයකට සහභාගී වන බව පවසමින් ආරක්ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදල මෙතෙක් ගෙවා නැති බව විදුලි බල මණ්ඩලය පවසයි.

එම තොරතුරු අනාවරණය වී ඇත්තේ දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරම‍ුණේ හිටපු මන්ත්‍රී නලින් හේවගේ විසින් තොරතුරු දැනගැනීම පිළිබඳ පනතට අනුව කරන ලද ඉල්ලීමකට ලැබුණු පිළිතුරකිනි.

2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන බැවින් ආරක්‍ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමකට අනුව තාවකාලික විදුලිය සපයා ආරක්‍ෂක පහන් සවිකර නැවත ගලවාගෙන ගිය බවත් එහිදී ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 වියදමක් දැරූ බවත් එම මණ්ඩලය කියයි.

අදාල ලිපිය මෙතැනින්,

එම වියදම් මුදල ගෙවන ලෙස දන්වා ඇතත් එය මේ දක්වා ගෙවා නාමැති බව ද විදුලිබල මණ්ඩලයේ වාණිජ හා ආයතනින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වී. වී. ජනෙත් ලිඛිතව සඳහන් කර තිබේ.

අප කළ සොයා බැලීමක දී මෙලෙස විදුලිය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානකගේ ඉල්ලීමකට අනුවය.

එම ඉල්ලීමේ ලිපිය මෙතැනින්,

මන්ත්‍රී ඩී.වී.චානකගේ ඉල්ලීමකට අනුව 2019-09-10 වැනි දිනැතිව විදුලි බල මණ්ඩලයේ සභාපති රඛිත ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ විදුලි ජනන යන්ත්‍රයකක් ලබාදීම සඳහා රුපියල් 439,132.34 ට්‍රාන්ස්ෆෝමරය ලබාදීම සඳහා රුපියල් 2,243,114.23 වශ‍යෙන් මිල ගණන් ඉදිරිපත් කර ඇති බැවින් මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් සහ උපකාර ලබාදෙන ලෙස ද එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක උපදෙස් දී තිබේ.

තව ද එම ලිපියේ දැක්වෙන්නේ එම මුදල් පවුලේ සාමාජිකයන් විසින් ගෙවන බවට සඳහන් කර ඇති බවයි.

එම ලිපිය මෙතැනින්,

නමුත් මේ දක්වා ම අදාල මුදල විදුලි බල මණ්ඩලයට ගෙවා නැත. මේ කරුණු හෙළිදරව් වන්නේ නලින් හේවගේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ ඉල්ලීමකට අනුව ලැබුණු තොරතුරුවලිනි. මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින් 2019 වර්ෂයට අදාළව නොගවෙූ හිඟ විදුලි බිල්පත් සම්බන්ධයෙන් 2023 අගෝස්තු 02 වැනි දිනැතිව ලිපියක් උපුටා දක්වමින් විවේචනය සිදුකනර බවයි. එම ලිපිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇතැයි ද සම්න්ධීකරණ ලේකම්වරයාගේ ලිපියේ දක්වා ඇත.

මෙම කරුණුවලට අදාලව විදුලි බිල්පතක් නිකුත් කර ඇත්නම් එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්නත්, බිල්පතේ නිවැරදි තොරතුරු මන්ත්‍රීවරයා‍ වෙත ලබාදෙන ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා ඇත.

නමුත් එම ලිපිය මගින් සම්බන්ධීකරණ ලේකම්වරයා හෝ එවැනි විදුලිය ගැනීමක් සිදු නොවූ බව කියා නැත. නගන චෝදනාව ද ප්‍රතික්ෂේප කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!