spot_img
spot_imgspot_img

EPF/ETF අරමුදල්වලින් ගත් ණය කපා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කළ දේ

පුවත්

විදෙස්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුල විසින් ණය වශයෙන් ලබා දී ඇතිමුදල් කපා හැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 09 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

අද එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්තසමසිංහ ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් 93%ක් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තැන්පත් කර ඇති මුදල් වලින් 86%ක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවයි.

රජය විසින් ගෙන ඇති එම ණය කපා හැරීම තුළින් මෙරට වැඩකරන ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එබැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී අදාළ අරමුදල්වලින් ලබාගත් ණය කප්පාදු කළහොත් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ක්‍රියාව වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!