spot_img
spot_imgspot_img

දිමුත් නායකත්වයෙන් සමුගන්නා බව කියයි

පුවත්

විදෙස්

තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද (20) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් කීවේය.

පකිස්තාන කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟය කඩුලු 04කින් පරාජය වීමෙන් පසු හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

අයර්ලන්තය සමඟ පැවැති ටෙස්ට් තරඟාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව දිමුත් මීට පෙර ප්‍රකාශ කර තිබිණි. නමුත් ඔහුට තවදුරටත් නායකත්වයේ සිටින ලෙස ක්‍රිකට් තේරීම් කමිටුව දැනුම්දීම හේතුවෙන් පකිස්තාන සංචාරයේ ද නායකත්වය දැරීය.

“මම නායකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ. ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීම නිසා තමයි මේ තරඟාවලියේ නායකත්වය බාරගත්තේ. නමුත්  මේ තරඟාවලියෙන් පස්සේ නායකත්වයෙන් ඉවත්වෙලා මගේ පිතිකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංචාරයෙන් පස්සේ නව නායකයෙක් පත්කරගන්නා ලෙස මා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටියා.”

දිමුත් කරුණාරත්න ‍ටෙස්ට් නායකත්වයට පත්වූයේ 2019 වර්ෂයේ දී දකණු අප්‍රිකාවට එරෙහිවය. මේ වනවිට ඔහුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 29කට සහභාගී වී ඇති අතර ඉන් 12ක් ජයගෙන 10ක් පරාජයට පත්ව ඇත.  

ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාට හෝ කුසල් මෙන්ඩිස්ට ලැබෙනු ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!