spot_img
spot_imgspot_img

බතලේගල කන්දේ ඉදිකිරීම් නවත්වන්න යැයි ජනපති ලේකම් කාර්යාලයෙන් නියෝගයක්

පුවත්

විදෙස්

බතලේගල කන්දේ ස්වභාවිකත්වයට හානිකරමින් ඉදිකරමින් පවතින බෞද්ධ සිද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතනවලට දැනුම් දී තිබේ.

බතලේගල කන්ද ශ්‍රී ලංකාවේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ ලෝකුය පුරාම ප්‍රසිද්ධ ශේෂ කන්දකි. එය පර්වතයක් බව භූ විද්‍යාඥයෝ කියති.

මෙම පර්වතයේ අක්කර 150ක පමණ රක්ෂිතයක් පිහිටා ඇති අතර එය වෙනත් කැලෑ ලෙස වර්ගීකරණය කර තිබේ. වෙනත් කැලෑ යන්න දිස්ත්‍රික් ලේකම් යටතේ පාලනය වෙයි. මෙම රක්ෂිත කොටසෙන් අක්කර 06ක් විදේශගතව සිටින බෞද්ධ භික්ෂුවකට පවරා දී ඇති බවත් ඒ සඳහා සන්නස් පත්‍රයක් ලබා දී ඇති බවත් වාර්තා වේ. කෙසේ වෙතත් බතලේගල පර්වතයට, එම විදෙස්ගත භික්ෂුව ඇතුළු තවත් පාර්ශව කිහිපයක් ම හිමිකම් කියන බව ද වාර්තා වෙයි.

යොවුන් පාර්ලිමේන්තව නියෝජනය කරන පිරිසක් බතලේගල කන්ද මුදුණේ චෛත්‍යයක් ඉදිකරන බව පවසමින් ඒ සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට වෙනත් පිරිස්වලට ආරාධනා කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විශාල කතිකාවතක් හටගෙන ඇත. රජයේ විවිධ පාර්ශවවලින් මේ සම්බන්ධයෙන් සොයා බැලූ විට අනාවරණය වූයේ එවැනි ඉදිකිරීමක් සඳහා කිසිදු අවසරයක් ලබා දී නැති බවයි.

නමුත් බෞද්ධ විහාරස්ථානයක් ඉදිකරන්නේ නම් ඒ සඳහා විධිමත් අවසරයක් ලබාගත යුතු බව බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් අනුව තහවරු වෙයි. අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවයි.

විදෙස්ගත වී සිටින භික්ෂුව මේ ඉදිකිරීම සඳහා මුදල් ආධාර ලබාදෙන බව ද වාර්තා වේ.

බතලේගල කන්ද මුදුණේ ගල් ‍බෝර දමා වළවල් සාදා කොන්ක්‍රීට් කණු පවා මේ වනවිට ඉදිකර ඇති අතර ඉන් පරිසරයට විශාල හානියක් සිදුවන බව ද පැහැදිළිව පෙනී යයි.

අරණායක ප්‍රාදේශීය ලේකම් ධූරයේ වැඩබලන විජානි රත්නසේකරගෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ විට ඇය කියා සිටියේ මෙවැනි ඉදිකිරීමක්  සඳහා අවසරයක් ලබාගෙන නැති බවයි.

පරියසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ කියා සිටියේ මෙම ඉදිකිරීම නීති විරෝධී බැවින් එම කටයුතු නතර කරන ලෙස එන්තරවාසියක් යවා බතලේගල කන්දේ ඉදිකිරීමට පමණක් නොව කඳු මුදුන්වල චෛත්‍යය ඉදකිරීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මධ්‍යම පරිසර අධිකාරයෙන් මේ පිළිබඳ විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ බතලේගල කන්ද සම්පූර්ණයෙන් ම පුපුරුවා හැරියත් ඊට විරුද්ධව පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකියාවක් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!