ඩිජිටල් තාක්ෂණයේ පැමිණීමත් සමඟ ඉතිහාසයේ මුල් කෙටුම්පත් ලිවීම, ඒවා එක් ආයතනයකට පමණක් සීමා නොවී, කැමති ඕනෑම අයකුට පරිශීලනය කරන්නත්, ඉඩ ලද පමණින් හසුකර ගැනීමට, අධිරක්ෂණයට සහ බෙදා ගැනීමටත් හැකි තත්වයක් උදා වී ඇතැයි මාධ්‍ය පර්යේෂකයකු සහ විද්‍යා සන්නිවේදකයකු වන නාලක ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා, ජාතික ලේඛනාගාරයේ දී ඩිජිටල් තාක්ෂණය සමඟ ලේඛන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
නාලක ගුණවර්ධන විසින් දැක්වූ අදහස් සම්පූර්ණයෙන් ම පහතින් සඳහන් කර තිබේ.
“ ප්‍රවෘත්ති කියන මාධ්‍ය අංගයට ප්‍රකට කියමනක් තියෙනවා. ‘ප්‍රවෘත්ති යනු ඉතිහාසයේ මුල්ම දළ කෙටුම්පතයි’ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ ප්‍රකාශක පිලිප් ග්‍රැහැම් විසින් මේ අදහස ප්‍රකාශ කළා. ඇත්තටම ප්‍රවෘත්ති පිළිගත හැකි විශ්වාසනීය, ඉතිහාසයේ දළ කෙටුම්පත් ද ? බොහෝ ඉතිහාසඥයන් පිළිගන්නේ නැහැ මේක විශ්වාසනීය මූලාශ්‍රයක්යැයි කියා. ඉතාහාසය ලේඛන ගත කරන්නේ
කවුරුන් වුණත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තමයි නීත්‍යානුකූළව ප්‍රවෘත්ති පත්‍ර, පොත් ඇතුළු සියලු මුද්‍රිත ප්‍රකාශ ලබාගෙන සංරක්ෂණය කරන ආයතනය. මේ ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මෙහෙම තියෙනවා.”
“ජාතියේ මතක සටහන්, රැකගන්නා ඥාන කෝෂ්ඨාගාරයක් ලෙස සේවාවක් ඉටුකරනු ලබයි”
මේක කාව්‍යමය ප්‍රකාශනයක්. නමුත් විවාදශීලීයි කියලා හිතෙනවා. කවුද මේවා ජාතියේ මතක සටහන් කියලා තීරණය කරන්නේ
අපි ජාතියේ මතක සටහන් කියල කියන කොට ඒක 1948 පෙර සහ පසුව තිබෙන රජයන්ගේ නිල ස්ථාවරයන් පමණ ද ? නිදහසින් පසු ගෙවුණු වසර 75න් පසු මහජනයා මරමින් ආණ්ඩු පිහිටුවාගෙන ඒ ආණ්ඩු ප්‍රගුණ කල ස්ථාවරයන් ද ? විද්වතුන්, ශාස්ත්‍රවේදීන් වඩා වැඩියෙන් හඬ නගන බල කණ්ඩායම් ද ? මේකට වැඩියෙන් ම දායක වෙන්නේ. එතකොට හඬක් නැති අයට ජාතියේ මතක සටනහන්වලට දායක වෙන්න බැරි ද ?
බල අධිකාරයන් විතරක් ජාතියේ මතක සටහන්වලට දායක වෙනවානම්, විවාදාත්මක ප්‍රචණ්ඩ මෑත සිදුවීම් ගැන ඒ මතක සටහන් කවුද නිල වශයෙන් හසුකරගන්නේ, රාමු ගත කරන්නේ. විශ්ලේෂණය කරන්නේ.
මෑත ඉතිහාසයේ සිදුවීම් ස්වභාවික සිදුවීම්, මනුෂ්‍ය සංහතියේ සිදුවිම්. එක සිද්ධියක්, 1981 දී යාපනයේ මහජන පුස්තකාලය සාහසික ලෙස ගිනිබත් කිරීම. මේ සිදුවීම සෑම වසරක ම මැයි අග සහ ජුනි මුල සැමරුවත්, ඒ ගැන නිවැරදි ආඛ්‍යානයක් තවමත් නැහැ. සාක්ෂි දැරුවෝ තවමත් ඉන්නවා. මේ පිටුපස සැබැවින් ම සිටියේ කවුද ? කිසිම දෙයක් වෙලා නෑ.
කළු ජූලිය 1983, 2004 සුනාමිය වැනි ජාතිය ම සසළ කළ සිදුවීම් සහ අවස්ථා ගැන ජාතියේ මතක සටහන් කොහොම ද හසුවෙන්නේ කවුද ඒවාට බලපෑම් කරන්නේ. විවාදශීලී ඓතිහාසික සිදුවීම්, සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ හමාරවුනාට පස්සේ එදා මෙදා තුර සංහිඳියාව සඳහා ගන්නා උත්සාහයන් පිළිබඳ ජාතියේ මතක සටහන් කවුද ලියන්නේ , කොහෙන් ද හමුවෙන්නේ ? අපි හැකිතාක් දුරට මෙවැනි දේ පිළිබඳ සිහිතබාගත යුතුයි. ජාතියේ මතක සටහන් වැනි වචන භාවිතා කරන විට. අධිලේඛන මගින් තීරණ සහ ක්‍රියා මතක වාර්තාගත කළේ කියනවා.
ඩිජිටල් තාක්ෂණය නිසා මේ ප්‍රජා මතකය කියන එක ආයතනගතව විතරක් නෙවෙයි කැමිති කෙනෙකුට රිසි පරිදි ඉඩ ලද පමණින් ඕනෑම තැනක සිට හසුකරගැනීමට, අධිරක්ෂණය කරන්න, සහ බෙදා ගන්න පුළුවන්. මේක නිල ආයතනයකට සීමා විය යුතු නැහැ. එක හොඳ ප්‍රතිඵලයක්. කාලය ශ්‍රමය නිර්මාණශීලීත්වය මිඩංගු කරන්න කැමති ඕනෑම කෙනෙකුට එය කරන්න පුළුවන්. හඬ සහ විසංවාද තියෙන තරමට හොඳයි. මේ ජන මතකය සම්බන්ධයෙන් අධිලේඛන කළමනාකරණය සියලු දෙනාගේ සාමූහික වගකීමකි කියලා මේ සම්බන්ධ විශ්ව ප්‍රකාශනයේ සඳහන් කර තියෙනවා
අධිලේඛන ආරක්ෂා කිරීමේ දී, එය හුදෙක් නිල නීතිමය වගකීම දරණ මහජන මුදල් ප්‍රතිපාදන වාර්ෂිකව ලබන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට, ආයතනයට සීමා නොවී එය අප සියලු දෙනාගේම එදිනෙදා කාර්යයක් විය යුතුයි. අවාසනාවකට මේ අධිලේඛනකරණය කියන එක ඩිජිටල්කරණය වෙද්දී සිදු නොවන බව පෙනෙනවා. මේ වෙනකොට වාණිජ වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ටර්නේට් භාවිතය වසර 28ක් වෙනවා. පසුගිය වසර අවසානය වන විට රටේ ජනගහනයෙන් භාගයක් ඉන්ටර්නෙට් භාවිතයට යොමුවෙලා හිටියා. ඔවුන් සිංහල දෙමළ ඉංග්‍රීසි වෙබ් අන්තර්ගත නිපදවලා ඒවා ප්‍රකාශයට පත්කරනවා.
ඒවා බොහොමයක් අඩු ආයුෂ තියෙන කෙටි කාලයක් පමණක් රැඳී තියෙන දේවල්. නැවත සොයාගන්න පුළුන් තත්වයේ තියෙන අන්තර්ගතයන් ඉතාමත් අඩුයි. ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතන වෙබ් අඩවි පවත්වාගෙන යනවා වසර දෙක තුනකට සැරයක් සංරක්ෂිත ලේඛන අයින් කරනවා. සන්ඩේ ටයිම්ස් පුවත්පත විතරයි ඒ ලේඛන ආරක්ෂා කරන වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නේ. ඒ ආචාර්ය කාවන් රත්නතුංගගේ කැපවීම නිසා. බොහෝ වෙබ් අඩවි තමන්ගේ ලේඛන සංරක්ෂණය කරන්නේ නෑ
රාජ්‍ය ආයතන වෙබ් අඩවිව ගත්තොත් ආණ්ඩුවෙන් ආණ්ඩුවට අන්තර්ගතය මාරු වෙනවා ඇමතිවරයාගෙන් ඇමතිවරයා මාරුවෙන විටත් කලින් ඇමතිවරයා කරපු දේවල් පවා අයින් කරනවා. මේක ඉතාමත් කණගාටුදායක ප්‍රවණතාවක් හැදිලා තියෙන්නේ. 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇවිත් මහින්ද රාජපක්ෂගේ වෙබ් අඩවියේ තිබුණු සියලු අන්තර්ගත අයින් කළා. 2019 ගෝඨාභය ජනාධිපතිවරයාට යටතේත් විස්තරාත්මක අන්තර්ත තවදුරටත් හොයාගන්න නැති වුණා
මාධ්‍ය, සිවිල් සමාජ, විද්වත්, විශ්වවිද්‍යාල වෙබ් අඩවිවල පවා දක්නට ලැබෙන්නේ මෙවැනි දෙයක්.
අපි තාම පිළිඅරගෙන නැහැ ඩිජිටල් අවකාශයේ තිනෙ මේ දේවල්, වාර්තා අධිලේඛන ඉතිහාසයේ කොටසක් කියලා. ඒක තවමත් අපේ ඇඟට ඇවිල්ලා නෑ. ආයතන ප්‍රධානීන්ට මේක ඇවිත් නෑ. මේ දේ කරගන්න අවශ්‍යයයි. නැතිනම් බලාගෙන ඉදිද්දී මේ අන්තර්ගතය ගිලිහී යනවා සොයා ගන්න බැරිව. මේක ජන මතකයෙන් ඈත් වෙනවා. ඩිජිටල් වෙන විට සංරක්ෂිත ලේඛන කියන දෙයත් ඉදිරියට යන්න ඕන.
ආචාර්ය සංජන හත්තොටුව 2008 සිට රාජ්‍ය වෙබ් අඩවි පුද්ගලිකව සංරක්ෂණය කරලා තම වෙබ් අඩවියේ දාලා තියෙනවා. ඒවා සංරක්ෂණය කරලා එක තැනක තියෙනවා. ඒක තනි පුද්ගලයකුගේ තනි උත්සාහයෙන් කරන දෙයක් ආචාර්ය සංජනනේ වචන වලින් ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි. ‘මතකය වඩා අදාල වන්නේ අතීතයට වඩා අනාගතයටයි. අතීතයේ සිදු වූ දේ සහ ඊට සම්බන්ධ අන්තර්ගතය අපට අහිමි වුණොත්, වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ හැකියාව, නැති වී යා හැකියි. ඉතිහාසය පුනරාවර්තනය වීමේ අවදානමක් ද එතැනින් මතුවෙයි.’ ඒ ඔහුගේ වචන.
මේ තත්වය අපි තේරුම්ගෙන ඩිජිටල් අවකාශයේ අන්තර්ගතයන් ද ආරක්ෂා කරමු.