spot_img
spot_imgspot_img

මත්තල ගුවන්තොටුපොළ ඉල්ලා ආයෝජකයන් 19ක් එයි

පුවත්

විදෙස්

මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබාගැනීම සඳහා ආයෝජන සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

ලැබී ඇති ලංසු මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතින බවත් මාසයක කාලයක් ඇතුළත අවසන් තීරණය ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි සඳහන් කරයි.

2023 ජනවාරි 08 වැනි දා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම ගුවන්තොටුපොළ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව ආයෝජන අවස්ථා සඳහා ලංසු කැඳවීම සිදුකෙරිණි. එය පසුගිය සතියේ අවසන් විය.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි වසන්නේ මෙලෙස කැමැත්ත ප්‍රකාශ කළ ආයෝජකයන් සම්න්ධ ඇගයීම් කටයුතු මාසයක කාලයක් ඇතුළත අවසන් කරන බවයි. ඒ අනුව අවසන් තීරණය ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!