spot_img
spot_imgspot_img

ජයවර්ධනපුර මළ සිරුරු, සතුන්ට කෑමට දැමුවා ද ? වාර්තාවක් කැඳවයි

පුවත්

විදෙස්

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පරිත්‍යාගකරන මළ සිරුරු භාවිතා කර කොටස් ලෙස ඉවත්කිරීමේ දී සිදුව මතු වූ ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සකස්කරන බව මහරගම නගර සභාවේ නාගරික ලේකම් අරුණ ඩී.ඩයස් පවසයි.

බස්නාහරි පළාත් ආණ්ඩුකාරවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් නගර සභාවෙන් වාර්තාවක් කැඳවා ඇත.

මල් ශාලාවක් විසින් ‍13 වැනි දා මහරගම සුසාන භූමියට ගෙන එන ලද සිරුරු කොටස් අක්‍රමවත් ලෙස බැහැර කර තිබූ බවත් එම කොටස් බල්ලන් විසින් කා දමමින් සිටි බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ. මෙලෙස මළ සිරුරු බැහැර කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප ප්‍රදේශවාසීන් විසින් නගර සභාවේ වට්ස් ඇප් සමූහයට ද එක්කර තිබිණි.

නාගරික ලේකම්වරයා පවසන්නේ එම චෝදනාව එල්ල වූ විට තමන් සුසාන භූමියට ගොස් සිද්ධිය පිළිබඳ සොයා බැලූ බවයි. තමන් එහි යනවිට ද මළ සිරුරු කොටස් කිහිපයක් තැන් තැන්වල තිබූ බව නාගරික ලේකම්වරයා කියා සිටියේය.

වෛද්‍ය පීඨ සිසුන් විසින් තම පුහුණුවීම් සඳහා භාවිතා කළ මළ සිරුරු කොටස් 13 වැනි දා භූමදාන කිරීමට වෛද්‍ය පීඨය අවසර ඉල්ලා තිබූ බවත්, ඒ අනුව මළ සිරුරු භූමදාන කිරීම සිදුව ඇතත් එහි යම් අක්‍රමිකතාවක් ඇතැයි ද නාගරික ලේකම්වරයා පවසයි.

මල් ශාලාවේ හිමිකරුගෙන් ද නාගරික ලේකම්වරයා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ වසරකට දෙවරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මළ සිරුරු කොටස් බැහැර කරන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති, මහාචාර්ය උපුල් සුබසිංහ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ කීවේය.

“වෛද්‍ය සිසුන්ගේ පුහුණවට යොදාගන්නා මළසිරුරු කොටස් භූමදාන කිරීම 1994 වසරේ සිටම ටෙන්ඩරයක් මගින් මහරගම පිහිටි මල් ශාලාවකට ලබා දෙනවා. මේ මළ සිරුරු කොටස් විශ්වවිද්‍යාලයේ සිට සුසානභූමියට ගෙන එන්නේ පොලිතීන්වලින් ආවරණය කරලා. මේ ‍සිරුරු කොටස් දිරායාමේ පහසුවීම සඳහා පොලිතීන් ඉවත් කර අඩි 10ක් පමණ ගැඹුරු වළක් තුළ දමා උඩින් පස්තට්ටුවක් දමා වසා දැමීම සිදුකරනවා. මේ කාර්යය සිදුකරන්නේ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික නිලධාරීන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ. 13 වැනි දා මළ සිරුරු භූමදාන කරද්දී අපේ තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයේ සිටියා. ඔවුන් පැවසුවා කාන්තාවක් මේ කාර්යය ජංගම දුරකථනයකින් වීඩියෝ කරන බව දුටුවාය කියා. අපි කරපු මූලික විමර්ශනයේ දී තාක්ෂණ නිලධාරීන් තම රාජකාරිය ඉටුකර ඇති බව අනාවරණය වුණා.

වැඩබලන උපකුලපතිවරයා පවසන්නේ ඉදිරියේ දී මළ සිරුරු කොටස් භූමදාන නොකර ආදාහනය කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!