4.1 C
New York

ශ්‍රී ලංකා ටෙලිකොම්, වැඩිම වත්කම් හිමි සමාගම් අතර තුන්වැනි තැනට පත්වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු අවසානයේ දී ශ්‍රී ලකා ටෙලිකොම් සමාගම මෙරට වැඩිම වත්කම් හිමි සමාගම් අතර තුන්වැනි තැනට පත්ව තිබිණි. කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 12,889ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,335ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 136ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,691ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 542
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 90
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 68

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇල්ෆා ෆයර් සමාගම 53%
  • එස්එන්බී ලීසි සමාගම (X)   50%
  • ලේක්හවුස් ප්‍රින්ටර්ස් සමාගම 25%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම කොටස් මිලියන 1.5ක් රුපියල් 54.00බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 266
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 164

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 06ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 21ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 15ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 1.6

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 9.2
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 2.7
  • එල්ඕඑල්සී රක්ෂණ සමාගම රුපියල් මිලියන 2.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img