spot_img
spot_imgspot_img

හොරබඩු සමඟ කොටු වූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ අන්තිමයා

පුවත්

විදෙස්

නීති විරෝධී ලෙස රන් කිලෝ ග්‍රෑම් 03කට වැඩි ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 91ක් ගමන් මලුවල දමාගෙන ශ්‍රී ලංකාවට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කළ බවත් ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බවත් රෝගුව පවසයි.

මෙම රත්තරන සහ දුරකථන තොගය ඔහු රැගෙනවිත් ඇත්තේ ගුවන් තොටුපොළෙ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේය.

එම ගමන්මළුවල රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් තිබී ඇත. එම භාණ්ඩවල වටිනාකම රුපියල් හත්කෝටි අසූ දෙලක්ෂයක් පමණ වන බව රේගුව කියයි.

රේගුව විසින් නියම කළ රුපියල් ලක්ෂ 75ක දඩ මුදල ගෙවා මන්ත්‍රීවරයා පිටව ගිය බව ද රේගු නිලධාරීන් සඳහන් කළේය.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුස්ලිම් ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි. 2020 අගොස්ත්ු 20 වැනි දා සිට මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා manthri.lk වෙබ් අඩවියට අනුව මෙතෙක්  පාර්ලිමේන්තු විවාදවලට සහභාගී වී ඇත‍්තේ අවස්ථා 06ක දී පමණි. එම විවාදවල දී හෙතෙම විෂයයන් 04ක් සම්බන්ධයෙන් තම අදහස් දක්වා ඇත. ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා අතරින් හිමිකරගෙන ඇති ශ්‍රේණිය වන්නේ 224 වැනි ස්ථානයයි. කතානායකවරයා හැරුණු විට පාර්ලිමේන්තුවේ අසුන්ගන්නා සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් අවසන් තැන සිටින මන්ත්‍රීවරයා වන්නේ අලි සබ්රි රහීම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!