spot_img
spot_imgspot_img

පොලිස් පහරදීමෙන් කාන්තාවක් මියයාමේ සිද්ධියට, හතරකගේ වැඩ තහනම්

පුවත්

විදෙස්

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිසියේ පහරදීමකින් මියයාම සම්බන්ධ සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් 04 දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුක, පොලිස් සැරයන්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපලවරයකුගේ ය. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද වහාම වෙනත් පොලිසියකට මාරු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිර්දේශ කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු ද වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා තිබේ.

සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලට අනුව ආර්.රාජ්කුමාර් නමැති 42 හැවිරිදි තිදරු මව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 11 වැනි දා ය. ඇය අත්අඩංගුවට ගැනීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලේඛනයේ ඇගේ නම සඳහන්ව නොතිබූ බව ද අධිකරණයේ දී අනාවරණය විය. පොලිසිය විසින් තමන්ට පහරදෙන බවත් ඉතා අපහසු බවත් අත්අඩංගුවට පත් කාන්තාව තම සැමියාට දුරකථනයෙන් පවසා ඇති බව ද සැමියා අධිකරණයේ දී කීවේය. ඇය එසේ ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් තම බිරිඳට ලබාදුන් දුරකථන ඇමතුමක දී ය. එම දුරකථන ඇමතුම ලබාගත් අවස්ථාවේ දී පළමුව ඊට පිළිතුරු දුන්නේ සුධර්මා නෙත්තිකුමාර බව ද මියගිය කාන්තාවගේ සැමියා අධිකරණයේ දී කීවේය.

පොලිස් අත්අඩංගුවට පත් වූ අයකු සතු ජංගම දුරකථනය තිබිය යුත්තේ පොලිසිය භාරයේය. එය පැමිණිලි කාරිය සන්තකයේ තිබීම බරපතල ගැටලුව් බව ද පොලිස් පහරදීමෙන් මියගිය බවට සැකකරුන රාජ්කුමාර්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දී කියා සිටියේය.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා  විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනතුරුව විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!