spot_img
spot_imgspot_img

ජල නල තොගයක ගින්නක්. ව්‍යාපෘතිය විවෘත කරන්නේ හෙට

පුවත්

විදෙස්

අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය සඳහා ගෙන එන ලද ජල නල තොගයක් අද (19) සවස ගිනිගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබිණි.

රුපියල් කෝටි ගණනක් වටිනා ජල නල අරණායක, උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගොඩගසා තිබී ඇති අතර ගින්න හටගෙන ඇත්තේ එම බට තොගයේය.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවන ඒකකය පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මෙම ජල නල තොගය ගිනිගත්තේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ‍හේතුවෙන් ද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!