spot_img
spot_imgspot_img

සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා

පුවත්

විදෙස්

සේවක අර්ථසාධක අරමුදලට අතනොතබන්නැයි ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය රජයට බලකර සිටියි. ඒ ඊයේ (01) ට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනය නිමිතිකරගෙන පැවති එම සන්ධානය පවත්වන ලද සම්මන්ත්‍රණයකදීය.
එහිදි අදහස් දැක්වු ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම්- දර්ශන තන්ත්‍රීගේ මෙසේ කීවේය.
“කම්කරු දිනය සැමරිම හැම වසරකම උත්සවාකාරයෙන් පක්ෂ සහ වෘත්තිය සමිති කරගෙන යනවා. ඒත් හැමෝම කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන්න දෙවරක් සිතන්නේ නැ. මේ ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න යනවා. ඒ සම්බන්ධව බොහෝ දේශපාලන පක්ෂ නිහඩයි. මේකත් මුල්‍ය අරමුදලේ යෝජනාවක් ලෙස පෙන්නන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම මේක මුල්‍ය අරමුදලේ යෝජනාවක් නෙවෙයි. මේ රටේ රාජ්‍ය අංශය බරක් වෙද්දි පුද්ගලික අංශය තමයි රටේ ආර්ථිකය ඔසවන්නේ. මේ වැඩෙන් පුද්ගලික අංශයේ මහා අර්බුදයක් හට ගන්න පුළුවන්. සේවකයෝ මහපාරට ඒම සහතිකයි. ආන්ඩුව මේවා සම්බන්ධව මීට වඩා ගැඹුරින් සිතිය යුතු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!