-5.9 C
New York

පොඩිනමට අතවර කළ, විහාරාධිපති හිමිත්, ගෝල හිමිවරු දෙදෙනාත් අත්අඩංගුවට

Published:

සාමනේර හිමිනමකට වසර තුනක් තිස්සේ අතවර කළ බවට චෝදනා ලබා සිටි විහාරාධිපති හිමියන් සහ තවත් හිමිවරු දෙදෙනකු අද (11) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ගොරකදෙණිය විහාරස්ථානයේ වාසය කළ 43 හැවිරිදි විහාරාධිපති හිමියන් සහ 17 හැවිරිදි තවත් භික්ෂූන් දෙදෙනකු බව පොලිසිය කියයි

අතවරයට පත්වූ 11 හැවිරිදි සාමණේර භික්ෂුව තම මවට ඒ බව දැනුම් දීමෙන් පසු මව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්සණ ආරම්භ කිරීමත් සමඟ විහාරාධිපති හිමියෝ තමන්ගේ අනෙක් ගෝල හිමිවරු දෙදෙනා ද සමඟ විහාරස්ථානයෙන් පැන ගොස් සිටියහ.

ඉන් පසු විහාරාධිපති හිමියන් පසුගිය මැයි 04 වැනි දා නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම් පත්‍රයක් යොමුකර තිබුණ ද අධිකරණයෙන් එය ප්‍රතික්ෂේප කෙරිණි. අද ඔවුන් තිදෙනා පයාගල පොලිසියට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණිනි.

පොලිසිය පවසන්නේ සැකකාර හිමිවරු තිදෙනා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට බාර දුන් බවයි.

Related articles

Recent articles

spot_img