spot_img
spot_imgspot_img

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ සැකකරුවන් තිදෙනකු රිමාන්ඩ්. ඇගේ සිරුර සපා කා ඇතැයි ද හෙළිිවෙයි

පුවත්

විදෙස්

කළුතර හෝටලයකින් වැටී දුම්රිය මාර්ගය අසළ මියගොස් සිටි පාසල් සිසුවියගේ මළ සිරුරු සැඟවීමට ඇය සමඟ පැමිණි අනෙක් තරුණිය සහ ඇගේ පෙම්වතා උත්සාහ ගෙන ඇති බවත් මියගිය තරුණියගේ සිරුරේ මනුෂ්‍ය දත් පහරවල් ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ‍තිදෙනකු මැයි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ මියගිය පාසල් සිසුවිය සමඟ හෝටලයට පැමිණි අනෙක් තරුණිය වූ පබර මාවින්දි සහ ඇගේ පෙම්වතා බව කියන ඉහාන් තිනුර ද සිල්වා සහ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරුට පළායාමට උදව්කළ බව කියන කවිඳු අජන ලංකාපුර යන තිදෙනාවය.

ප්‍රධාන සැකකරු හෝටලයේ සිට පළාගිය මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබිය දී සොයාගෙන ඇති අතර මෝටර් රථය පදවාගෙන ගිය තැනැත්තා බේරුවල වලතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණිනි.

මියගිය පාසල් සිසුවිය ඇතුළු සිව්දෙනා එම මෝටර් රථයෙන් සවස 6.20ට පමණ කළුතර හෝටලයට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇත. ඔවුන් හතර දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකු විසින් තහවරු කළ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.  

ඔවුන් පැමිණ පැයකට පමණ පසු අනෙක් තරුණිය සහ ඇගේ පෙම්වතා හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු කෙල්ල පහළට වැටුණා අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බව ද අනාවරණය වී තිබේ.

ප්‍රධාන සැකකරුගේ දැනුම් දීමට අනුව ඔවුන් දෙදෙනා මළ සිරුර වැටී තිබුණු ස්ථානයට ගොස් රේල් පාරේ තිබූ සිරුර පසෙකට ඇද දමන ආකාරය හෝටල් සේවකයකු සහ දෙවැනි මහලේ ආහාර ගනිමින් සිටි කාන්තාවක විසින් දැක තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර ශික්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.වෙනුරජිත් විසින් පවත්වන ලදී. වෛද්‍යවරයාගේ වාර්තාවේ දැක්වෙන්නේ මියගිය පාසල් සිසුවියගේ සිරුරේ ස්ථාන දෙකක මනුෂ්‍ය දත් සළකුණු ඇති බවයි.

මළ සිරෙුරේ කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!