කළුතර තිස්ස ජාතික පාසල සහ කළුතර මහා විද්‍යාලයට අතර අද (01) පැවැති එක්දින ක්‍රිකට් තරඟය අවසානයේ ඇති වූ ගැටුමකින් කළුතර තිස්ස කණ්ඩායමේ උප නායකයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
මග්ගොන සරේ ක්‍රීඩාගණයේ දී මෙවර 13 වරට පැවැති මෙම තරඟයේ දී අවසන් පන්දුවාරයේ දී කළුතර මහා විද්‍යාලයට ජයග්‍රහණය ලැබීඹත් සමඟ තරඟ නරඹමින් සිටි තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ කඩුළු ගලවා ගැනීමත් සමඟ මේ ගැටුම ඇති වී තිබේ.
එම ගැටුමේ දී තුවාල ලැබූ කළුතර තිස්ස කණ්ඩායමේ උපනායකයා මේ වනවිට නාගොඩ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු හිසෙහි ශල්‍යකර්මයකට ලක්කිරීම සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට සූදානම් කරමින් තිබිණි.