මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 33%ක් එවැනි ප්‍රතිලාභ අනවශ්‍ය පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගිය (25)වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
සමෘද්ධි ප්‍රතිලාභ ලැබීමට තරම් දරිද්‍රතාවක් නොමැති පවුල් අතිවිශාල ප්‍රමාණයකට තවමත් සමෘද්ධි ප්‍රතිලාභ ලබාදෙන බැවින් සැබැවින් ම දුප්පත් එවැනි ප්‍රතිලාභ අවශ්‍ය පවුල් ඒ හා සමාන ප්‍රමාණයකට එම ප්‍රතිලාභ අහිමිවී තිබීමේ ගැටලුවක් ඇතැයි කෝපා කමිටුව පවසයි.
2015 සිට 2017 වර්ෂය දක්වා කරන ලද සමීක්ෂණයකින් මේ කරුණු අනාවරණය වී තිබේ. ඒ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ නොලැබිය යුතු නමුත් තවදුරටත් එම ප්‍රතිලාභ ලබාගන්නා පවුල් සංඛ්‍යාව 449,979ක් බව අනාවරණ්‍ය වී තිබේ.
සමෘද්ධිලාභීන් තෝරාගැනීම් කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.