spot_img
spot_imgspot_img

ප්‍රති ත්‍රස්ත පනත ප්‍රමාදකරන බව ඇමති කියයි

පුවත්

විදෙස්

ප්‍රති ත්‍රස්ත පනත හදිසියේ ඉදිරිපත් නොකරන බවත්, සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් පසු එය නැවත ඉදිරිපත් කරන බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ මන්ත්‍රීවරු කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රති ත්‍රස්ත පනත ගෙන එන්නේ මර්ධනයට කියා සමහරු කීව ද එය ‍සැබැවින්ම සද්භාවයෙන් ගෙනාපු පනතක් බවයි. නීති හදන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මත බවත් පුළුල් සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!