3.7 C
New York

කල් ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කරන්න යැයි කෝපා කමිටුව පොලිස්පතිට කියයි

Published:

පොලිසිවල ඇති කල් ඉකුත් වූ කදුළු ගෑස් විනාශ කරන්න යැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

පොලිස්පතිවරයා ඇතුළු එම කමිටුවට හමුවට ගොස් සිටි ඉහළ පොලිස් නිලදාරීන් දිගින් දිගටම කියා සිටියේ කඳුළු ගෑස් කල් ඉකුත්වුව ද එය විෂ සහිත නොවන බවයි. කල් ඉකුත් වූ විට කඳුළුගෑස්වල ප්‍රබලතාව පමණක් අඩුවන බව ඔවුන්ගේ මතය විය.

කෙසේ වෙතත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇතැයි පොලිස්පතිවරයා කමිටුවට කී‍වේය.

එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව  යොදා ගැනීම සම්බන්ධයෙන්ද   වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස  කෝපා කමිටු සභාපති  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

Related articles

Recent articles

spot_img