spot_img
spot_imgspot_img

ස්වාධීන රූපවාහිනියේ ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක්

පුවත්

විදෙස්

ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක වූ ඉෂාරා දේවේන්ද්‍රගෙන් එම ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියකු ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ස්වාධීන රූපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පසුගිය දා ඉෂාරා ප්‍රකාශ කර තිබුණේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවයි. එහි සේවය කරන බොහෝ කාන්තාවන් ඔහුගේ පීඩනයට ලක්වන බව ද තමන්ට එය ඉවසාගත නොහැකි බැවින් මෙතෙක් ඉතාමත් ආශාවෙන් සිදුකළ රැකියාවෙන් ඉල්ලා අස්වූ බවත් ඇය කියා සිටියාය.

ඇගේ මෙම සටහනත් සමඟ එම කරුණ සම්බන්ධයෙන් මේ වනවිට විශාල ප්‍රචාරයක් ලැබී තිබේ.

ඉෂාරා දේවේන්ද්‍ර සිදුකර ඇති එම ප්‍රකාශය සහ ඇගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියේ පාලන අධිකාරිය ගෙන ඇති පියවර කුමක්ද දයන්න අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සභබාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ කරුණ සම්බන්ධයෙන් අපි අවධානය යොමුකර ලා තියෙනවා. එය ඉතා බරපතල චෝදනාවක්. දැනටමත් මේ ප්‍රචාරය නිසා ආයතනයේ කීර්තියටත් යම් හානියක් සිදුව තිබෙනවා. ආයතනයේ දී කාන්තාවන්ට බලපෑම් සිදුවුණා ද ? සිදුවෙනවා ද ?  ඒ වගේ ම ඉෂාර කරන චෝදනාව සම්බන්ධයෙනුත් අපි ස්වාධීන බාහිර පුද්ගලයන් යොදාගෙන පරීක්ෂණයක් ආරම්භ කළා. එම පරීක්ෂණ සිදුකරන්නේ කාන්තාවන්ට සිදුවන බලපෑම් පිළිබඳ අවබෝධයක් ඇති පිරිසක්. පරීක්ෂණයේ වාර්තාව ලැබුණාට පස්සේ අපි ඉන් පසු ගත යුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කරනවා. ස්වාධීන රූපවාහිනී ආයතනය කියන්නේ කාන්තාවන්ට සුරක්ෂිත තැනක් විය යුතුයි. එය එසේ නොවූ එක් සිදුවීමක් හරි වෙලා තියෙනවානම් අපි එවැනි දේ කරපු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!