ආසාදිතයන් ගණන තවත් ඉහළට. අලුතෙන් 188ක්.

0
145

කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව අද (07) තවත් 188කින් ඉහළ ගිය බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියළු දෙනාම මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ සමීපප ආශ්‍රිතයන් බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 13,419ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සංඛ්‍යාව 7,723 කි. 34 දෙනකු මියගොස් ඇත. ඒ අනුව රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 5,662කි.

හමුදාපතිවරයා සඳහන් කරන්නේ මිනුවන්ගොඩ පෑලියගො පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 9,937 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here