spot_img
spot_imgspot_img

උපන්දින සාදයේ වෙඩිතැබීමෙන් හතරදෙනකු මරුට

පුවත්

විදෙස්

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩේවිල් නගරයේ උපන්දින සාදයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවල ලැබූවන්ගෙන් කිහිපදෙනකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.

3,200 ක පමණ ජනගහනයක් සිටින ඩැඩෙවිල් කුඩා ග්‍රාමීය නගරයක් වන අතර එහි මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මින්පෙර වාර්තා වී නොමැති බව සඳහන් වේ.

ඇලබාමා යනු පුරවැසියන්ට තුවක්කු හිමිකර ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ ප්‍රාන්තයකි.

කෙසේවුවද මෙම සිද්දිය වාර්තා වීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තුවක්කු නීති දැඩි කිරීම සඳහා වූ ඉල්ලීම් අලුත් කළේය.

“දරුවන්ට බයක් නැතුව උපන්දින සාදයකට යන්න බැරි අපේ ජාතියට මොකද වෙලා තියෙන්නේ?” ධවල මන්දිරය විසින් ඉරිදා නිකුත් කරන ලද නිවේදනයක Biden මහතා විමසා සිටියේය.

2023 වසරේ මේ දක්වා ඇමරිකාවේ මෙවැනි වෙඩි තැබීමේ සිද්ධි 160ක් පමණ සිදුවී ඇතැයි එරට ජාතික ලේඛනාගාරය පවසයි.

https://www.bbc.com/news/world-us-canada-65293737

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!