spot_img
spot_imgspot_img

අලුත් අවුරුද්දේ 50,000කට රැකියා අහිමි වෙයි ?

පුවත්

විදෙස්

මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා රැසක් බරපතල අවදානමකට ලක්ව ඇතැයි වාර්තා‍ වේ.

නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසන්නේ ආයෝජන මණ්ඩලයේ ඇඟළුම් කර්මාන්තශාලා සහ කුඩා සහ මධ්‍ය පරිමාන ඇඟළුම් කර්මානතශාලා රැසක් වැසී යාවේ අවදානමක් ඇතිව තිබෙන බවයි. එවැනි සමාගම් කිහිපයක් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත සිය නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමටත්, සේවකයන් නොකැඳවීමටත් තිරණය කර ඇතැයි වාර්තා වේ.

අවම වශයෙන් ආයෝජන මණ්ඩල සමාගම් අතරින් 30%ක් සහ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ කර්මාන්තවලින් 40%ක් මෙලෙස සිය නිෂ්පාදන කටයුතු නතර කිරීමේ තීරණයකට එළැඹ සිටියි.

ආයෝජන මණ්ඩලයේ (BOI) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සමාගම් කිහිපයක් අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පසු මෙහෙයුම් අඩු කිරීමට හෝ අත්හිටුවීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘත්තිමත් වෙමින් පවතින බව පැවසුව ද එය ඉතාමත් මන්දගාමීව සිදුවීම සහ ගෝලීය ආර්ථිකයේ අහිතකර බලපෑම හේතුවෙන් ඇණවුම් හිඟවීම මේ තත්වයට හේතු වී ඇතැයි ධම්මික ප්‍රනාන්දු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ නිෂ්පාදන පිරිවැය තවමත් අනෙකුත් රටවලට සාපේක්ෂව 25%කින් පමණ අධික වීම නිසා ශ්‍රී ලංකාවට තරඟකාරී වාසිය අහිමි වී තිබේ. මේ හේතුවෙන් ඇඟළුම් නිෂ්පාදන කටයුතු කලාපයෙ වෙනත් රටවලට හිමිවීම දක්නට ලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

ධම්මික ප්‍රනාන්දු පවසන්නේ, භාණ්ඩ හා ප්‍රවාහන ගාස්තු අධිකවීම, අපනයනකරුවන් ඉලක්ක කරගෙන නව බදු පැනවීම හේතුවෙන් සමාගම්වලට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් අවුරුදු නිවාඩුවෙන් පසු ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා 30,000ත් 50,000ත් අතර ප්‍රමාණයක් අහිමිවීමට ඉඩ ඇති බව ඔහු කියයි. නමුත් තවත් මාස කිහිපයකින් එම තත්වය නැවත සාමාන්‍ය වනු ඇතැයි ද එවිට මේ ගැටලුව මඟහැරී යනු ඇතැයි ද ව්‍යාපාරිකයෝ දැඩිව විශ්වාස කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!