spot_img
spot_img

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දේශපාලකයකු ඝාතනය කරයි

පුවත්

විදෙස්

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය දේශපාලනඥයකු සහ ඔහුගේ සොහොයුරා වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයකු වන අතීක් අහ්මඩ් සහ ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහමඩ් යන දෙදෙනාය. මාධ්‍යවේදියකු සහ පොලිස් කොස්තාපල්වරයකු ද තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ එම දේශපාලනඥයා අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛ්‍යාවකට චෝදනා ලැබ සිටි අයකු බවයි.

පොලිසිය සහ මාධ්‍යවේදීන් බලා සිටිය දී ම පිස්තෝලයකින් ඔවුන්ට වෙඩි තබා ඇති අතර එය සජීවී ව විකාශය වී තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබූ පුද්ගලයා ඇතුළු 03 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!