-2.5 C
New York

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, දිගින් දිගටම භූමිකම්පා සිදුවෙයි

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නිකොබාර් දූපත් අසළ තවදුරටත් භූමිකම්පා සිදුවෙමින් පවතින අතර ඊයේ සවස 4.51 සිට මේ දක්වා භූමිකම්පා 03ක් සිදුව ඇත.

මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව පිහිටි, ඉන්දු – ඕස්ට්‍රේලියා භූ තැටියේ නැගෙනහිර, උතුරු සහ නිරිතදිග මායිමේ ඊයේ (10) දහවල් 12.00 සිට මේ දක්වා සිදුව ඇති භූමි කම්පා සංඛ්‍යාව 10කි. ඉන් භූමිකම්පා දෙකක් පමණක් ගොඩබිම සිදුව ඇති අතර අනෙක් සියලු භූමිකම්පා සිදුව ඇත්තේ මුහුදු පත්ලේය.

භූ විද්‍යාඥයන් පවසන්නේ භූමිකම්පා සිදුවීම ලෝකය පුරා සාමාන්‍ය දෙයක් වුව ද මෙම භූමිකම්පා සිදුවන රටාව අනුව ශ්‍රී ලංකාව පිහිටා ඇති භූතැටියේ මායිම ඔස්සේ කම්පන මාලාවක් ආරම්භ වී ඇති බවයි.

නිකොබාර් දූපත් ආසන්නයේ පෙරේදා (09) එකදිගට භූමිකම්පා 06ක් සිදුවූ අතර ඊයේ (10) සවස 4.51ට නැවත රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10.1ක් ගැඹුරින් සිදුව තිබිණි. ඉන් අනතුරුවව නැවත ඊයේ රාත්‍රී 10.41ට  රිච්ටර් මාපකයේ ඒකක 4.7ක භූමිකම්පාවක් කිලෝ මීටර 10.1ක් මුහුදු මට්ටමේ සිට ගැඹුරින් සිදුවූ අතර අද උදෑසන 7.38ට රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් සිදුව තිබිණි.

පෙරේදා (09), ඊයේ (10) සහ අද (11) නිකොබාර් දූපත් අසළ සිදු වූ භූමිකම්පා 09 ම මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරක් ලෙස සළකන කිලෝ මීටර 10-11ත් අතර දුරකින් අපි කේන්ද්‍රය පිහිටන ආකාරයෙන් සිදුව තිබීම  ද විශේෂත්වයකි.

නිකොබාර් දූපත් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර භූමිකම්පා සිදුවෙමින් තිබෙන ස්ථානයේ සිට බටහිරට පිහිටි විශාල ගොඩබිමක් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයයි. යම් හෙයකින් එම ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපක 7.0 ඉක්මවන භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට අඩු ගැඹරකින් සිරස් අතට සිදුවුවහොත් සුනාමියක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකා වෙරළට ද සුනාමි රළ පැමිණීමේ අවදානමක් තිබේ.

ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටි මායිමේ ඊයේ දහවල් ‍12.00 සිට සිදුවූ අනෙකුත් භූමිකම්පා පහත දැක්වෙන පරිදි වෙයි

ස්ථානයගොඩබිම / මුහුදවිශාලත්වයවේලාවගැඹුර
සොලමන් දූපත් අසළමුහුදරිච්ටර් 5.410 වැනි දා ප.ව.12.35කිලෝ මීටර 10
හිබිෆෝ ටොන්ගාමුහුදරිච්ටර් 4.510 වැනි දා ප.ව. 4.19කි.මී. 142.7
ෆීජි දූපත් අසළ  මුහුදරිච්ටර් 4.310 වැනි දා ප.ව. 5.02කි.මී. 522.5
පැපුවා නිව්ගිනියාගොඩබිමරිච්ටර් 5.1අද (11) උදේ 2.43කි.මී. 10
වනවාටුමුහුදරිච්ටර් 5.1අද (11) උදේ 5.28කි.මී. 128.5
ඇෆ්ගනිස්තානය, හින්දු කුෂ් ප්‍රදේශයගොඩබිමරිච්ටර් 4.6අද (11) උදේ 9.07කි.මී 207

 මෙම සියලුම වේලාවන් දක්වා ඇත්තේ ග්‍රිනිච් වේලාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වේලාවෙනි.

Related articles

Recent articles

spot_img