spot_img
spot_imgspot_img

දේශපාලකයෙක් විසින් පොලිසිය හිඟමනේ යවයි. අවුරුදු උත්සවයකට සම්මාදමක්

පුවත්

විදෙස්

අලුත්ගම, මොර‍ගල්ලේ පැවැත්වෙන අවුරුදු උත්සවයක ප්‍රචාරක කණ්ඩායමකට ආහාර ලබාදීමට යැයි කියමින් දේශපාලකයකු පොලිස් නිලධාරීන් යොදවා මුදල් එකතුකිරීම සිදුකරන බව වාර්තා වේ.

මෙම මුදල් එකතුකර දෙන්න යැයි ප්‍රබල දේශපාලකයකු කළුතර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියකුට උපදෙස් දී ඇති අතර එම නිලධාරියා අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් ස්ථානාධිපතිවරුන්ට මුදල් එකතුකර දෙන ලෙස නියෝග කර තිබේ.

එම අවුරුදු උත්සවය දින 02ක කාලයක් රාජ්‍ය මාධ්‍ය නාලිකාවක අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර ඉන් පසුව ද දින දෙකක් එම ස්ානයේ තවත් ඉසව් කිහිපයක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ අනුව අවුරුදු උත්සවයේ ප්‍රචාරක කණ්ඩායමේ ආහාර, පාන වියදම සඳහා එක් පොලිස් ස්ථානයකින් අවම වශයෙන් රුපියල් 245,000.00ක මුදලක් අවශ්‍ය දැනුම් දී තිබේ.

දේශපාලකයාගේ වුවමනාවට සිදුකෙරෙන මෙම ක්‍රියාවට අනුව උසස් පොලිස් නිලධාරියාගෙන් ලැබුණු නියෝගය ප්‍රකාරව අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් ස්ථානාධිපතිවරුන් තම පොලිස් ස්ථානවල ඒ ඒ අංශ භාර නිලධාරීන් ද කැඳවා අවශ්‍ය මුදල් සෙවීම සඳහා සැළසුම් සකස්කිරීම ද සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දැනටමත්, අවුරුදු උත්සවය සඳහා ප්‍රදේශයේ පදිංචි විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන්, අනවසර මත්ද්‍රව්‍ය වෙළෙන්දන්, මාර්ග නීති උල්ලංඝනය කරන පිරිස් ආදි විවිධ පුද්ගලයන්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් ද මුදල් ලබාගැනීම ආරම්භ වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ කරුණ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැඩි අප්‍රසාදය පළකරන අතර සිය තනතුරු බේරාගැනීමට නම් දේශපාලකයාගේ ඉල්ලීම  ඉටුකිරීමට සිදුව ඇතැයි ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!