spot_img
spot_imgspot_img

ය‍ෝජිත ප්‍රති ත්‍රස්ත පනත නිසා GSP+ අහිමිවීමේ අවදානමක් ?

පුවත්

විදෙස්

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් එය සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ තීරුබදු සහනය අහිමිවනු ඇති බවත් යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් ෂායික් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් නිවේදනයක් නිකුත්කර ඇත.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා නොදෙන්නේ නම්, GSP+ සහනය අහිමිවීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපපති කාර්යාලය පසුගිය පෙබරවාරි මාසයේ දී අනතුරු ඇඟවීමක් කර තිබිණි. එම තීරුබදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ‍වන ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතී.

යුරෝපා සංගමයේ තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ GSP+ සහනය දීර්ඝ කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික වෙළෙඳ සහනයක් අහිමිවන බවයි.

පුද්ගලයකු ත්‍රස්තවාදියකු ලෙස සළකා සිරගත කිරීමට ජනාධිපතිවරයාට ප්‍රති ත්‍රස්ත පනතේ සංශෝධිත පනත් කෙටුම්පත අනුව හැකියාව ලැබෙන බැවින් එය අසාමාන්‍ය බලයක් කේන්ද්‍රගතවීමෙන් පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් අහිමිකිරීමක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් GSP+ ලබාදීම පිළිබඳ සමාලෝචනය කිරීමේ දී නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ විනිවිදභාවය සහ පවතින තත්වය පිළිබඳ සැළකිලිමත් වන බව ද තානාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!