spot_img
spot_imgspot_img

තෙල් මිල තවත් අඩුවෙයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවි කිරීමේ අවසරය ලබා ඇති සමාගම් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෙල් අළෙවි කරන මිලට වඩා අඩු මිලට තෙල් අළෙවි කරනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අනුමත මිලට වඩා අඩු මිලට සිල්ලර ඉන්ධන වෙළඳාම කිරීම සඳහා එම සමාගම්වලට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මාසය අවසනායේ දී චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පැට්‍රෝලියම් සහ ෂෙල් සමාගම සමඟ ගිවිසුම් ගතවීමට නියමිත අතර මැයි මාසය තුළ එම සමාගම් මෙරට ඉන්ධන අළෙවි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එම සමාගම් දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන අළෙවිවන මිලට වඩා අඩු මිලට තෙල් අළෙවි කිරීම සිදුකිරීමට නියමිත බැවින් ලකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයිඕසී සමාගමේ තෙල් සඳහා ඇති ඉල්ලුම අඩු වී ඒවායේ මිල ද පහතවැටීමට ඉඩ ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.

රජය මාසයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් ඉන්ධන වෙනුවෙන් වැය කරයි. විදේශීය සමාගම් තුන එක් සමාගමක් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ඉන්ධන මෙරටට ගෙන්වා බෙදාහරිනු ඇතැයි රජය අපේක්ෂා කරයි. ඒ හේතුවෙන් රජය ඉන්ධන සඳහා ගෙවිය යුතු මුදල අඩුවනු ඇතැයි ද පැවසේ.

ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතා කිරීමට එම සමාගම්වලට නොහැකි බව ගිවිසුමේ සඳහන් වේ. එමෙන් ම ඔවුන් ලබන ලාභාංශ මෙරටින් පිටතට රැගෙන යා හැක්කේ වසරකට වරක් බව ද ගිවිසුමේ කොන්දේසිවල සඳහන් වන්නේ යැයි අමාත්‍යාංශ නිලධාරීහු කියති.

එම සමාගම් සමඟ ගිවිසුම් ගතවන්නේ වසර 20ක කාලයකටය. එම කාලය තුළ සෑම වසරකට ම ගිවිසුම අලුත් කිරීමේ ගාස්තුව ලෙස වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!