ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ඒවා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරේ.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.