spot_img
spot_imgspot_img

පෙම්වතාට මාංචු දමා, පාසල් සිසුවියකට අතවර කළ කොස්තාපල් අත්අඩංගුවට

පුවත්

විදෙස්

සමනල වැව ජලාශය නැරඹීමට සිය පැමිණි පාසල් සිසුවියකට අතවර කිරීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම පාසල් සිසුවිය තවත් තරුණයකු සමඟ එම ස්ථානයට පැමිණ තිබේ. ඒ ඇයගේ පෙම්වතා බව විමර්ශනවල දී හඳුනාගෙන ඇත. චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල්වරයා එම තරුණයා මාංචු යොදා හිරකර පාසල් සිසුවිය වන ලැහැබකට ඇඳගෙන ගොස් තිබේ.

එම සිද්ධිය දුටු ගම්වාසියකු තවත් පොලිස් නිලධාරියකුට මේ ගැන පවසා එම වන ලැහැබට යද්දී ‍පොලිස් කොස්තාපල්වරයා පාසල් සිසුවිය නිරුවත් කර ඡායාරූප ගනිමින් සිටි බව ද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 38 හැවිරිදි අයකු බවත් හම්බෙගමුව පොලිසියට අනුයුක්තව සේවය කළ අයකු බවත් පොලිසිය පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!