කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 13,304ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 811ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 82ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,256 ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 99
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 80
- ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 72
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 9.5
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 7.9
- සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 4.8
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන්ස් ලංකා සමාගම 25%
- ඊ චැනලින් සමාගම 15%
- බොගවන්තලාව වැවිලි සමාගම 15%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් 417,000ක් රුපියල් 54.30 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 285
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 104 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 37ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 67ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 65
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 22
- ඊස්ට්වෙස්ට් සමාගම රුපියල් මිලියන 3.3
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08
- සම්පත් බැංකුව රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ